Image

ජාතික ප්‍රශ්නයක් වීමට පෙර විදුලි අර්බුදය විසඳන්න රවී සූදානම් !

ජාතික ප්‍රශ්නයක් වීමට පෙර විදුලි අර්බුදය විසඳන්න රවී සූදානම් !

ජාතික ප්‍රශ්න කතාකිරීම පසෙකින් තබා බොහෝ දේශපාලකයන් දැන් කතාකරමින් සිටින්නේ ප්‍රථමික ප්‍රශ්න පිළිබඳව බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

එම සංස්කෘතිය රටට නොගැලපෙන බැවින් එය වෙනස් විය යුතු බවද අමාත්‍යවරයා පවසා ඇත.

මේ වන විට විදුලි බල ක්ෂේත්‍රය තුළම ප්‍රශ්න පවතින අතර ඉදිරියේදී විදුලි බල අර්බුදයක් මතුවීමේ ඉඩක් පවතින බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා මේ හමුවේ කල යුතුව ඇත්තේ ජාතික ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් සෙවීම බවද සඳහන් කර ඇත.

" බලය තියෙද්දී එක විදිහකටත් බලය නැති වෙද්දී වෙන විදිහකටත් හැසිරෙන්න විදිහක් නැහැ.එම තත්ත්වයන් වෙනස් වෙන්න ඕනේ. මනුෂ්‍යභාවයෙන් රට පාලනය කරන තත්ත්වයක් ඇතිකරන්න අවශ්‍යයි."ඒ අනුව වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ සියලුම ජනතාවට සහයෝගය දිය හැකි ආකාරයෙන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකශ කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න