රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා පවරාදී තිබිය දී පසුව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මගින් සාගර විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට අවශ්‍ය බව කියමින් එම අමාත්‍යාංශය වෙත පවරාගත් කදුරුදූවේ අක්කර 12ක භූමියක් යළි රිච්මන්ඩ් විද්‍යාලය වෙත පවරා දීමට රජය කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධාන්තවයෙන් පැවැත්විණි.
ගාල්ලට හොඳ වැඩක් කරන්න මම කැමතියි - සරත් අමුණුගම
මෙම අවස්ථාවට සහභාගීවෙමින් අදහස් දැක්වූ ආචාර්ය සරත් අමුණුගම මැතිතුමා මෙසේ කීවේය. ,
“ගාල්ලට හොඳ වැඩක් කරන්න මම කැමතියි. මෙහිදී රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩංගණය සකස් කර ගැනීම ඉතා අවශ්‍යයි. මෙහිදී අර්බුධයක් ඇති වෙලා දෙපැත්තටම එයින් ප්‍රයෝජනයක් වුණේ නැහැ. සාගර විශ්ව විද්‍යාලය සහ තාක්ෂණික ආයතනත තිබිය යුත්තේ වරාය ඇතුළත. මෙය ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමාගේ මූලික සංකල්පයක්. වරාය ඇමති ලෙස එතුමාට හොඳ අවබෝධයක් මේ පිළිබඳව තිබුණා. මේ මගින් රැකියා පන්දහසක් පමණ උත්පාදනය කර ගන්න පුළුවන්. මේ පිළිබඳව මම චම්පික ඇමතිතුමා සමගත් සාකච්ඡා කළා. මම එතුමාටත් ස්තූතිවන්ත වෙනවා. එතුමා අපට කෙළවරපිටියෙන් අක්කර 20 ක් වෙන් කරල තියෙනවා. වරායවල් ලංකාවේ ඉවර නැහැ. ඉහළට යනවා. දැන් පවතින සේවාවන් තවත් වැඩි කරන්න අවශ්‍යයි. එහිදී මේ ප්‍රශ්නය විසදෙනවා. විශේෂයෙන් වජිර ඇමතිතුමා, මගේ හිත මිත්‍රයා සමග පිළිගත හැකි විසදුමකට පැමිණීම ගැන සතුටු වෙනවා. ගාල්ලේ තාක්ෂණික ආයතනත මම ඉහළම මට්ටමට ගෙන එනවා.” යැයි කීය.
ගාල්ලේ අඩුවක් - වජිර
ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා මෙසේ කීවේය.,
“ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් දෙලක්ෂ පනස්දහසක් පමණ සිටිනවා. ඔවුන්ට ක්‍රීඩා කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් තිබුණේ නැහැ. අද දවසේ රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩංගණය සඳහා වෙන් කර තිබූ ඉඩම නැවත විද්‍යාලය වෙත ලබාදීමට හැකිවී තිබෙනවා. වෙනත් ස්ථානයක් තොරාගත යුතු බව මම ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී කරුණු සඳහන් කළා. මම මේ පිළිඳව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සමඟත් සාකච්ඡා කළා. ඒ සියලු කරුණු සමග මම ස්තූතිවන්ත වෙනවා අද ඒ විෂයටත් හානි නොවන පරිදි මෙම තීරණය ගැනීමට හැකිවීම පිළිබදව. ගාල්ල පිළිබඳව අමුණුගම ඇමතිතුමාට විශාල අවබෝධයක් තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවක්ගේ යහපත සඳහා රිච්මන්ඩ් විද්‍යාලය සතු ඉඩම විද්‍යාලයේ පරිහරණයට ලබාදීමට අවසානයේදී එතුමා තීරණය කරල තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් දරුවන් වෙනුවෙන් මම අමුණුගම ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා.” යැයි කීය.
ඉඩම නැවත දුන්නාට ස්තුතියි !- රිච්මන්ඩ් විදුහල්පති
“වර්තමානයේ රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව සමස්ත ලංකා ප්‍රමුඛතම ස්ථානයක පැවැතියද ක්‍රීඩකයින් එම තත්ත්වය අත්කර ගැනීමට අවශ්‍ය පුහුණුවීම් සිදුකරනුයේ අවම පහසුකම්ද නොමැති ක්‍රීඩාංගණයක් භාවිතා කරමින්. රිච්මන්ඩ් විද්‍යාලයට මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ සෙසු පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ද පුහුණුවීම් හා තරග පැවැත්වීමට හැකි මෙම ඉඩම නැවත විද්‍යාලය වෙත ලබාගැනීම පිළිබඳව රිච්මන්ඩ් විද්‍යාලයේ විශේෂ ස්තූතිය රජයට පිරිනමනවා.”

