ප්‍රධාන පෙළේ කැබිනට් ඇමැතිවරයෙකුට අයත් පුද්ගලික බැංකු ගිණුමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවීමේ නියෝග මත අත් හිටුවා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙබ් මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ.
එම පුවත් වාර්තාවන්ට අනුව පසුගියදා අදාළ ඇමැතිවරයාගේ ගිණුමට රුපියල් ලක්ෂ 1500 ක් බැර වී තිබී ඇති අතර එම බැර කිරීම කර ඇත්තේ විදෙස් ගත මුස්ලිම් ජාතිකයෙකු විසිනි.
මේ රුපියල් ලක්ෂ 1500 ලැබුණේ කුමන කාරණයකටද? බැර කිරීම කළ අය සමග කරන ලද ගණුදෙනුව කුමක්ද? ආදී විස්තර කිසිවක් පිළිගත හැකි ආකාරයකට හෙළිදරව් කිරීමට දෙපාර්ශවයම අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම තාවකාලිකව අත් හිටුවා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඉහත කී රුපියල් ලක්ෂ 1500 ක මුදල බැර වන විටත් ඇමැතිවරයාට අයත් ඒ ගිණුමේ රු. ලක්ෂ 4000 ක මුදලක් ඉතිරිව තිබී ඇත. ඒ සියළු මුදල් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ලැබුණු මුදල් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
