ඔක්තෝබර් මාසය තුළදී තවත් පළාත් සභා තුනක නිල කාලය අවසන්වීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව වයඹ, මධ්‍යම සහ උතුරු යන පළාත් සභා තුනෙහි නිල කාලය මෙලෙස අවසන් වීමට නියමිතව තිබේ.
ඔක්තෝබර් 08 වනදා වයඹ පළාත් සභාවත්, 10 වනදා මධ්‍යම පළාත් සභාවත් 25 වනදා උතුරු පළාත් සභාවේත් නිල කාලය අවසන් වන බවයි
මැතිවරණ මහ ලේකම් කාර්යාල ආරංචිමාර්ග ද සඳහන් කරයි.
ඒ අනුව මෙම පළාත් සභා තුන ද ආණ්ඩුකාර පාලනයකට යටත් වුණු ඇත.
මෙම පළාත් සභා තුනෙහි කාලය අවසන්විමෙන් අනතුරුව පළාත් සභා 06ක කාලය නිල වශයෙන් අවසන් වන බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
පසුගිය වසරේදී සබරගමුව, නැගෙනහිර සහ උතුරුමැද යන පළාත් සභා තුනෙහි කාලය අවසන් වුණි.
මේ අතර සීමා නීර්ණ කමිටු වාර්තාවේ පවතින ගැටළු හේතුවෙන් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විම මේ වන විට අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
