ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි භාර ගන්නා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ඉදිරියේදී පෞද්ගලික අංශයේ නිලධාරීන් සම්බන්ධවද පැමිණිලි භාර ගැනීමට නීති සම්පාදනය කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව මීට අදාළ නීති කෙටුම්පත් මේ දිනවල නිම කරමින් පවතින බවත්, එමඟින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලැබීමට මඟ සැලසෙන බවත් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි ද අවධාරණය කර සිටියි.
මේ වසරට අදාළව සැප්තැම්බර් 15 දින වන විට රාජ්‍ය අංශයේ නිලධාරීන්ට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි 2369ක් ලැබී ඇති බවත්, ඉන් පැමිණිලි 1525ක් විමර්ශනය කිරීමට මේ වන විටද කටයුතු යොදා ඇති බවත් ඔහු පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
