මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණවලට අදාළව යුද හමුදා බුද්ධි අංශ නිලධාරි ලුතිනන් කර්නල් එරන්ද පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම්දීමට අනුව ලුතිතන් කර්නල් එරන්ද පීරිස් ඊයේ (20) පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇති අතර අදාළ ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
2010 වසරේ ජනවාරි මාසයේ දිනක මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ සිදු කරයි.
ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වන නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතර මීට පෙර මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් ලුතිතන් කර්නල් එරන්ද පිරිස් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
