තිරිඟු පිටි මිල රුපියල් 05කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ නැංවූ බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පවසයි.
ඒ අනුව මෙතෙක් රුපියල් 95.00 ක්ව පැවති තිරිඟු පිටි කිලෝවක මිල නව මිල සංශෝධනය සමඟ රුපියල් 100.00 දක්වා මිල ඉහළ දමා තිබේ.
ප්‍රීමා සමාගම වැඩිදුරටත් පවසන ආකාරයට ලෝක වෙළඳපලේ මිල ගණන් ඉහළ යාම සහ ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම යන කරුණු මෙම මිල ඉහළ දැමීමට හේතුවී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
