ජනාධිපති, ආණ්ඩුකාරවරුන් සහ තානාපතිවරුන් ඇතුළු රජයේ මාණ්ඩලික තනතුරු හොඹවන නිලධාරීන්ට ද වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නව නීති සකස් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සඳහන් කර සිටින්නේ මෙතෙක් පැවති නීතියට අනුව අදාළ තනතුරු සඳහා වත්කම්, බැරකම් ප්‍රකාශ ලබානොදී සිටීමට ද හැකියාව තිබූ බවයි.
ඒ අනුව නියමිත පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා ඇතුළු සියළු දෙනාට සිදුවන අතර රාජ්‍ය යාන්ත්‍රණයේ දුෂණ සහ අක්‍රමිකතා අවම කිරීමේ අපේක්ෂාවෙන් මෙම නව නීති හඳුන්වාදීමට කටයුතු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
