දොම්පේ නගරයේ අවන්හලක ඉතාමත්ම හොර රහසේ පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පොළක් වටලා පුද්ගලයන් 17 දෙනකු දොම්පේ පොලිසිය මගින් පසුගිය අගොස්තු 01 දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සූදු කටයුතු සඳහා යොදාගත් යන්ත්‍ර දෙකක් ඇතුළු ඊට අදාළ භාණ්‌ඩ කිහිපයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සූදු පොළ පවත්වාගෙන අවන්හල පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ අලුතින් පත්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට අයත් බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත.
මේ වැටලීම සිදුකර ඇත්තේ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්‌සැල්ලගේ මෙහෙයැවීමෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
