වධහිංසා පැමිණවීම සම්බන්ධව වැරදිකරුවන් වන පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබා නොදීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්.මනතුංග සඳහන් කරන ආකාරයට වධහිංසා සම්බන්ධයෙන් පොලිසියට එල්ල වන චෝදනා සැළකිල්ලට ගෙන පොලිස් කොමිසම මෙම තීන්දුව ගෙන ඇති අතර චෝදනා සම්බන්ධව අරදිකරුවන් වන නිලධාරින්ට කිසිදු බුරුලක් නොදීමටද තීරණය කර ඇත.
එසේම වධහිංසා, අල්ලස්, දූෂණ වැනි බරපතල අපරාධ චෝදනාවලදී සිදුවීම්වල ඉතිහාසය දැක්වෙන සේ සුපරීක්ෂණ ලැයිස්තුවක් පවත්වාගෙන යමින් එය පසුවිපරම් කිරීමට ද කොමිසම කටයුතු කරන බවද ඔහු සඳහන් කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
