Language Switcher

V2025

 NYT අනාවරණය ගැන පාර්ලිමේන්තු විවාදය 19 වනදා !

හිටපු ජනාධිපති විසින්  චීන සමාගමකින් ඇමෙරිකානු ඩොලර් මිලියන  7.6 ක මුදලක් අයථා ලෙස ගන්නා ලදැයි චෝදනා කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව දිනක විවාදයක් පැවැත්වීමට දින නියමවී ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව සභාව කල් තබන විවාදයක් ලෙස  ජුලි  19 වැනිදා දවස පුරා මේ විවාදය පැවැත්වෙයි.

විවාදයේ යෝජනාව ඉදිරිපත් කර සිටින්නේ  එක්සත් ජාතික පක්ෂය බවද වාර්තා වෙයි.