ප්‍රමිතියෙන් තොර බාල යූරියා පොහොර මෙරටට ආනයනය කරන්නට ඉඩප්‍රස්තා සකසා දෙමින් රුපියල් කෝටි ගණනින් කොමිස් මුදල් ලබා ගැනීමේ ජාවාරමක් අනාවරණය වී ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශයේ සිදුව ඇති මේ ජාවාරම සම්බන්ධ අනාවරණය සිදුකරගෙන ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින්ය.
අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට කෘෂිකර්ම අමාත්‍යංශයේ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු විසින් ප්‍රමිතියෙන් බාල යූරියා මෙට්‍රික් ටොන්5000ක් ආනයනය කිරීමට ලබාදී රුපියල් මිලියන 228ක කොමිස් මුදලක් ලබාගෙන ඇත.
එසේම මෙම නිලධාරීන් දෙදෙනා විසින් ලක් පොහොර සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම හරහා ගොවියන්ට බෙදාහැරීමට ප්‍රමිතියෙන් තොර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 285000ක් ආනයනය කරමින් ඒ හරහා රුපියල් මිලියන 15960ක කොමිස් මුදලක් ලබා ගැනීමට සැලසුම් කිරීමට අදාළ තොරතුරුද අමාත්‍යවරයා වෙත ලැබී ඇතැයි වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන තොරතුරු වලට අනුව අමාත්‍යංශ මට්ටමින් මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට අමාත්‍යවරයා නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
