මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළුව බන්ධනාගාරගතව සිට අපරාධ මෙහෙයවන පුද්ගලයන්ට මරණීය දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරිමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
මේ පිළිබඳ අදහස් දක්වන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන්කර සිටින්නේ එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමාජයේ ලොකු කතාබහක් ඇතිවී තිබෙන හෙයින් මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම කාලෝචිත බවය.
එබැවින් එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරිමට ප්‍රථම ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස‍් ද දැනගැනීම වැදගත් බව පෙන්වා දෙන රහුමාන් මන්ත්‍රීවරයා බන්ධනාගාරගතව සිටින මැදිහත්කාර අපරාධ කරුවන්ට පමණක් නොව ඔවුන්ට සහය දෙන බන්ධනාගාර ජේලර්වරුන් ඇතුළු පිරිස් වෙතද දැඩි දඬුවම් ලබාදිය යුතු බවද සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
