අලුත් ගැසට් පත්‍රයක් අද (16) - අමරවීර
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
'' ග්ලයිෆෝසේට් තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත්කලා ඒ කමිටුවේ තීන්දුවක් අනුව ග්ලයිෆෝසේට් තහනම ඉවත්කරලා ගැසට් පත්‍රයක් පලකරලා තියෙනවා.
නමුත් සඳුදා වන විට නැවත නැවත ගැසට් පත්‍රයක් පල වෙනවා තේ සහ රබර් හැර අනෙකුත් බෝග සඳහා ග්ලයිෆෝසේට් තහනම තවදුරටත් පැවැත්වෙන ආකාරයට. ඒ තුළින් තේ සහ රබර් වගා කරන අයට පමණක් කෘෂිකර්ම අමාත්‍යංශයේ නිර්දේශ මත අවසර ලබා දෙනවා.
මේ සම්බන්ධයෙන් තේ සහ රබර් වගා කරන අයගෙන් දැඩි ලෙස ඉල්ලීමක් තිබුනා, මේ තහනම ඉවත් කරන්න කියලා විශේෂයෙන්ම මේ නිසා රබර් කර්මාන්තයටද බලපෑමක් ඇතිවූ බව ඒ අනුව විද්වත් කමිටුවකින් ආපු නිර්දේශ මත එම බෝග දෙකට තහනම ඉවත් කරන්න කටයුතු කල බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම මේ සඳහා විරුද්ධ වුනු පාර්ශවයන්ද තේ කාර්මාන්තය ග්ලයිෆෝසේට් නැතිව කරගෙන යා නොහැකි බව වටහා ගෙන ඇති බවත් ඒ නිසා ඒ අයගෙන් මේ සඳහා විරෝධතාවයන් මතු නොවන බවද අමාත්‍යවරයා කියා පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
