ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 23 දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන අද (3) නියෝග කළේය.
සිද්ධියට අදාළව අද (3) දින පැමිණිලි පාර්ශ්වය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් පැමිණිල්ලට නොතීසි නිකුත් කිරීමට ද පියවර ගන්නා ලදී.
සැකකරු 2015.01.12 වන දින සිට 2017.05.22 දින දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, එම ධුරය දරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල්වලින් වැටුප් ගෙවීමේ පදනම මත මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් යැයි සඳහන් කර සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස පුද්ගලයින් තිදෙනෙකු බඳවාගෙන තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ එවකට සභාපති ශ්‍යාමිලා පෙරේරා යන අය සමඟ එක්ව කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන, ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කිසිදු සේවයක් ලබා නොගෙන එම මණ්ඩලය මගින් වැටුප් හා දීමනා ගෙවීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනාට චෝදනා ගොනු කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
