පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීමට පියවර ගැනීම බුද්ධ ධර්මයට කළ අපහාසයක් බවත්, එම ක්‍රියාව කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් සඳහන් කරන්නේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ බුද්ධ ශාසනයේ සම්ප්‍රදායන් සහ විනය නීතිවලට අනුකූලව බවයි. බන්ධනාගාර පාලකයින් ද සෑම විටම එම සම්ප්‍රදායන්ට ගරු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
විනය පිටකයට අනුව සංඝයා වහන්සේනමකගේ සිවුර ඉවත් කිරීමේ බලය ඇත්තේ උන්වහන්සේ පැවිදි බව ලැබූ නිකායට පමණක් බවත්, ඉන් පරිබාහිර කිසිදු පාර්ශවයකට ඊට අයිතියක් නොමැති බවත් එම නිවේදනයේ දැක්වේ. බෞද්ධ ධර්මයේ විනය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ඇති අයිතිය සුරැකීම තම ප්‍රතිපත්තිය බවද ඔහු සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය මගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බව සිහිපත් කරන ඔහු, බුද්ධාගම සම්බන්ධයෙන් දුරදිග නොබලා අත්තනෝමතික ලෙස කටයුතු කිරීම වහාම නතර කළ යුතු බවද අවධාරණය කරයි.
මතු දැක්වෙන්නේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ එම නිවේදනයයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
