අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමීන් වහන්සේ ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එම කරුණට අදාළව අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන ගරුතර මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම විශේෂ සාකච්ඡාව අද (2026 ඔක්තෝබර් 08) පස්වරු 1.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
