Image

අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමට සවුදි අරාබියේ විශේෂ සාකච්ඡා

අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමට සවුදි අරාබියේ විශේෂ සාකච්ඡා

සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීම සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ අතිරේක සොලිසිටර් ජනරාල් සාද් නාවාදි  මේ වන විට සවුදි අරාබියේදී විශේෂ සාකච්ඡාවල නිරත වෙමින් සිටිති.

අනෝජන් සිවරාසාට ලබාදී ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදුකරමින් ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා හැකි සියලු මාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම සවුදි අරාබියේ අදාළ බලධාරීන් සහ නීතිමය පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් මරණ දඬුවම වෙනුවට වෙනත් නීතිමය සහනයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.

අනෝජන් සිවරාසාගේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු සහ ජනතා අවධානය ද මේ සඳහා පුළුල් අවධානයක් යොමුවීමට හේතු වී ඇති අතර, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න