Image

රනිල්ගේ ආරක්ෂකයා සහ කැමරා ශිල්පියා අතර සිදුවීමට අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි!

රනිල්ගේ ආරක්ෂකයා සහ කැමරා ශිල්පියා අතර සිදුවීමට අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකු සහ රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂණික, අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති රංග බණ්ඩාරනායක පෙන්වා දෙන්නේ, මහජනතාව වෙත තොරතුරු වාර්තා කිරීමේ මාධ්‍යවේදීන්ගේ අයිතිය මෙන්ම රාජකාරියේ නිරත ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ද එකලෙස සුරක්ෂිත විය යුතු බවයි.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා නඩු විභාගයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව තිබේ. එහිදී කැමරාවකින් හිසට පහර දුන් බව පවසමින් අදාළ ආරක්ෂක නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

මෙහිදී ආරක්ෂක නිලධාරියාගේ රාජකාරියට බාධා කිරීමක් සිදුවී ඇත්ද නැතහොත් මාධ්‍යවේදියාගේ නිදහස් මාධ්‍ය භාවිතයට බාධාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සංගමය අවධාරණය කරයි.

අධිකරණ භූමියක් වැනි ස්ථානයක සිදුවූ මෙම සිදුවීමෙන් මාධ්‍යවේදියාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ අරක්ෂාව මෙන්ම සමාජය තුළ පවතින පුරවැසි අනාරක්ෂිතභාවය ද පෙන්නුම් කරන බැවින්, මේ පිළිබඳව බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බවද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.


මතු දැක්වෙන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) විසින් ඉදිරිපත් කළ අදාළ නිවේදනයයි.

 

slwja

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න