ඇමෙරිකා එක්සත් ජනපදයේ සිනමා කලා හා විද්‍යා ඇකඩමිය (Academy of Motion Picture Arts and Sciences) විසින් පවත්වනු ලබන ලෝක ප්‍රකට ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය තීරණය කිරීම වෙනුවෙන් පත්කරන ලද 2027 ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුවේ සාමාජිකයින්ගේ නාමලේඛනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
සිනමා කර්මාන්තය තුළ ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළව නියමිත නිර්ණායක යටතේ සුදුසුකම් සපුරාලමින්, ඉදිරි වසර 06 ක කාලපරිච්ඡේදය සඳහා ඇමෙරිකානු සිනමා කලා හා විද්‍යා ඇකඩමියේ නිල අනුමැතිය මෙම කමිටුව වෙත හිමිව තිබේ.
ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති සුදත් මහදිවුල්වැවගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම තේරීම් කමිටුවේ ලේකම්වරයා ලෙස උදිත ලක්මාල් කහඳවආරච්චි කටයුතු කරයි.
1. චිත්‍රපට අධ්‍යක්ෂක, චිත්‍රපට තිර රචක සහ ජාත්‍යන්තර සිනමා උළෙල ජූරි සභික අසෝක හඳගම
2. චිත්‍රපට සංස්කරණ ශිල්පී, චිත්‍රපට නිෂ්පාදක සහ සිනමා අධ්‍යාපනඥ රවින්ද්‍ර ගුරුගේ
3. සිනමා ජනමාධ්‍යවේදී, චිත්‍රපට විචාරක සහ සිනමා අධ්‍යාපනඥ අරුණ ගුණරත්න
4. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂක ලක්ෂ්මන් ජෝසප් ද සේරම්
5. චිත්‍රපට අධ්‍යක්ෂක, චිත්‍රපට නිෂ්පාදක , චිත්‍රපට තිර රචක, සිනමා අධ්‍යාපනඥ, ජාත්‍යන්තර සිනමා උළෙල ජූරි සභික සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති සුදත් මහදිවුල්වැව (තේරිම් කමිටු සභාපති)
6. චිත්‍රපට කැමරා අධ්‍යක්ෂක, සිනමා අධ්‍යාපනඥ, සිනමා ග්‍රන්ථ රචක එම්.ඩී මහින්දපාල
7. චිත්‍රපට අධ්‍යක්ෂක, චිත්‍රපට නිෂ්පාදක , චිත්‍රපට තිර රචක සහ ජාත්‍යන්තර සිනමා උළෙල ජූරි සභික විසාකේස චන්ද්‍රසේකරම්
8. චිත්‍රපට අධ්‍යක්ෂිකා, චිත්‍රපට නිෂ්පාදිකා, චිත්‍රපට අභිරක්ෂිකා, සිනමා අධ්‍යාපනඥ, අන්තර්ජාතික සිනමා උළෙල වැඩසටහන් සම්පාදිකා, අන්තර්ජාතික සිනමා උළෙල අධ්‍යක්ෂිකා සහ ජාත්‍යන්තර සිනමා උළෙල ජූරි සභිකා අනෝමා රාජකරුණා
9. චිත්‍රපට සමූහ නිෂ්පාදක, චිත්‍රපට රේඛීය නිෂ්පාදක, චිත්‍රපට නිෂ්පාදන ගණකාධිකාරි, සිනමා ජනමාධ්‍යවේදී, අන්තර්ජාතික සිනමා උළෙල වැඩසටහන් සම්පාදක හා ජාත්‍යන්තර සිනමා උළෙල සම්බන්ධීකාරක උදිත ලක්මාල් කහඳවආරච්චි (තේරීම් කමිටු ලේකම්)
ළබැඳියාව පිළිබඳ ගැටුම යන සංකල්පය, සෞඛ්‍ය හේතූන්, කාර්‍යබහුලත්වය ඇතුළු විවධ හේතුන් නිසාවෙන් 2027 තේරීම් කමිටුවේ සමාජිකයින් ලෙස කටයුතු නොකළද , චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ, චිත්‍රපට අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දර, චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර, කැමරා අධ්‍යක්ෂක චන්න දේශප්‍රිය සහ චිත්‍රපට විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ යන අයට ද වසර 06 ක කාලපරිච්ජේදයක් උදෙසා ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරිම් කමිටුවේ සමාජිකයින් ලෙස කටයුතු කිරීමේ අනුමැතිය හිමිව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
