Image

කොටුව අධිකරණ පරිශ්‍රයේ සිදුවීමට Rata Next සංවිධානයේ දැඩි කනස්සල්ල: සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කොටුව අධිකරණ පරිශ්‍රයේ සිදුවීමට Rata Next සංවිධානයේ දැඩි කනස්සල්ල: සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

ඊයේ (30) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට ශාරීරිකව පහරදීමක් සිදුවූ බවට වාර්තා වන සිදුවීම සම්බන්ධයෙන් Rata Next සංවිධානය සිය දැඩි කනස්සල්ල සහ අවධානය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ, මාධ්‍යවේදීන්ට තම වෘත්තීය කටයුතු නිදහසේ සිදුකිරීමට ඇති අයිතිය තම සංවිධානය දැඩිව පිළිගන්නා අතරම, එම අයිතිය සමඟම අනෙකුත් පුද්ගලයන්ගේ ශාරීරික ආරක්ෂාව සහ වෘත්තීය ගෞරවයද ගරු කළ යුතු බවයි.

ආරක්ෂක නිලධාරියෙකුගේ රාජකාරිය ඉටුකිරීමේදී ඔහුට ශාරීරික බලපෑමක් එල්ල කිරීමක් සිදුවී ඇත්නම්, එවැනි හැසිරීමක් කිසිසේත්ම වෘත්තීයමය හෝ සදාචාරාත්මක මාධ්‍ය භාවිතයකට අනුකූල නොවන බව Rata Next සංවිධානය අවධාරණය කරයි.

එබැවින් සිදුවීමට අදාළව සියලු පාර්ශ්වයන්ගෙන් කරුණු විමසා සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, සත්‍ය කරුණු මත පදනම්ව විමර්ශනය කර, වගකිව යුතු පාර්ශ්ව සම්බන්ධයෙන් නීතියට අනුකූලව කටයුතු කරන ලෙස Rata Next සංවිධානය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

තවද, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද Rata Next සංවිධානය දැඩි අවධානය යොමු කරන අතර, මාධ්‍ය ආයතන සහ ආරක්ෂක අංශ අතර ඇති විය හැකි ඕනෑම ගැටුම්කාරී තත්ත්වයක් වඩාත් වගකීමෙන් හා වෘත්තීයමය ආකාරයෙන් කළමනාකරණය  කරගැනීමේ වැදගත්කමද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.


 Rata Next සංවිධානය ඊයෙ (30) දින නිකුත් කර තිබූ අදාළ මාධ්‍ය නිවේදනයේ සම්පූර්ණ ලිඛිත පිටපත කියවන්න මෙතනින්

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න