හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන නොවැම්බර් මස 11 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළේය.
පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති මෙම නඩුවේ විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එම නඩුවේ නිතිපති උපදෙස් සඳහා නඩු ගොනුවේ උදෘත නිතිපතිවරයා වෙත යොමු කර ඇති බව රජයේ නිතීඥ සමදරී පියසේන අධිකරණයට දැනුම් දුන්නාය.
ඒ හේතුවෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැන්වීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට රජයේ නිතීඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් නිතිපති උපදෙස් සදහා ලබන නොවැම්බර් මස 11 වැනිදා තෙක් මෙලෙස නඩුව කල් තැබීමට නියම කළා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
