පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වන මෙම සිද්ධිය අද (30) අධිකරණය හමුවේ කැදවීමට නියමිතව තිබෙනවා.
එම නඩුවට ඉදිරිපත් වීම සඳහායි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට පැමිණියේ.
සිද්ධියට අදාල නඩු කටයුත්ත අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
