Image

ඩී. එස්. සේනානායක ගේ නම නායකත්වයට යෝජනා කළේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක - රනිල් වික්‍රමසිංහ එජාප 80වන සමුරුවේ දී කියයි!

ඩී. එස්. සේනානායක ගේ නම නායකත්වයට යෝජනා කළේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක - රනිල් වික්‍රමසිංහ එජාප 80වන සමුරුවේ දී කියයි!

වර්ෂ 1946 සැප්තැම්බර් 06වන දා ඩී. එස්. සේනානායක මැතිතුමා ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ බවත්, නිලධාරීන් පත් කරන අවස්ථාවේ දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා මූලාසනය ගෙන ඩී. එස්. සේනානායක මැතිතුමා ගේ නම නායකත්වයට යෝජනා කළ බවත් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම පැවති අවස්ථාවේ දී ය.

පක්ෂයේ ආරම්භක සාමාජිකයන් මේ අවස්ථාවේ නොමැති වුව ද: ඒ අයගේ දූ දරුවන්, මුණුබුරන් මේ පක්ෂය සමග වැඩ කරන කණ්ඩායම් වන බවත්, එමෙන් ම අනික් පක්ෂවල ද එම කණ්ඩායම් සිටින බවත් එහි ආරම්භක සාමාජිකයෙකු අතර ඩී. ඒ. රාජපක්ෂ ද සිටි බවත්, ඔහු ගේ පුතුන් දෙදෙනකු මේ රටේ ජනාධිපති ලෙස ක්‍රියා කළ බවත් එහි දී රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් පැවසී ය.

මෙම අවස්ථාවේ දී: ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන අය ද අදහස් දැක්වූහ.

මතු පළ වන්නේ මේ සියලු දෙනා දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ වියමන යි.

සම්පූර්ණ කතාව කියවන්න මෙතනින්

WhatsApp Image 2026 09 06 at 11.38.38 AM

unpi96

WhatsApp Image 2026 09 06 at 11.38.55 AM

WhatsApp Image 2026 09 06 at 11.38.28 AM

WhatsApp Image 2026 09 06 at 11.38.27 AM

WhatsApp Image 2026 09 06 at 11.38.31 AM

WhatsApp Image 2026 09 06 at 11.38.47 AM

WhatsApp Image 2026 09 06 at 3.13.47 PM

ranilwi96

WhatsApp Image 2026 09 06 at 11.38.26 AM

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න