අනුරාධපුරේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සභාගිවන බවට නාමල් රාජපක්ෂට පොරොන්දු වී ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මන්ත්‍රි නාමල් රාජපක්ෂ බ්‍රහස්පතින්දා සවස සිය පියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී අල්ලස් කොමිසමට යෑම දන්වා ඇති බවත්, එහිදී ‘‘ඔයා පුතා යන්න. බැරි වෙලාවත් ඔයා රිමාන්ඩ් කළොත් මම අනුරාධපුරේ රැස්වීමේ නගින්නම්. රජරට මිනිස්සු මගේ ගුණ සුවඳ හොඳට දන්නවා. මම ජනාධිපති වුණත් අගමැති වුණත් මන්ත්‍රි වුණත් මහින්ද රාජපක්ෂ’’ යැයි හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාට පොරොන්දුවක් දී ඇතැයි පැවසේ.
මේ අතර, නාමල් රාජපක්ෂ ගේ බිරිඳ ලිමිනි රාජපක්ෂ ද පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීමට එක්වන බවට පැතිර ඇති මාධ්‍යවාර්තා ගැන අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ ගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ එය කිසිදු අයුරකින් සිදු නොවන බවත් ඇය අනුරාධපුර පොහොට්ටු වේදිකාවට නොනගින බවයි.
කෙසේ වුව ද, තමා අද (05) නාමල් රාජපක්ෂට වත්මන් ආණ්ඩුවෙන් සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) වෙත යන බව ද කීය.
අප ඔහු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නා විට ද තමා ජිනීවා වෙත පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි සිටින බව ද ඔහු පැවසීය.
මූලාශ්‍ර - News Alerts LK
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
