Image

ව්‍යාජ පුවතක් ජනගත කළ පුද්ගලයා ලබන 16 තෙක් යළි රිමාන්ඩ්

ව්‍යාජ පුවතක් ජනගත කළ පුද්ගලයා ලබන 16 තෙක් යළි රිමාන්ඩ්

පලෙයි රක්ෂිතයේ  එල්.ටී.ටී  ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාළව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාය විසින්  අත්අඩංගුවට ගන්නා ලද සංගීත් ජයසේකර නමැති පුද්ගලයා ලබන 16වන දා දක්වා  යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (3) නියෝග කළා.

මෙලෙස නියෝග කළේ සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.

සැකකරු ගේ දුරකතන වර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තිබෙන බවත්, සැකකරු ජාතික හැදුනුම්පත් 3ක් තබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට තිබෙන බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් පුහුණු කදවුරක් සහ බෝම්බ නිෂ්පාදනගාරයක් ඇති බවට අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස තමන් හඳුන්වා ගත් සංගීත් ජයසේකර නමැති අයෙක් මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා පවසා තිබෙන බවයි. තව ද මෙම සැකකරු ව්‍යාජ හැදුනුම්පත් කිහිපයක් භාවිතා කර ඇති බවට ද තොරතුරු අනාවරණය වන බව විමර්ශන නිළධාරීන් අධිකරණට දන්වා සිටියේ ය. කිලිනොච්චි ප්‍රදේශයේ අඩවි වන නිලධාරියකු සැකකරුහට මෙම පදනම් විරහිත ප්‍රකාශය සිදු කර ඇති බව සැකකරු ප්‍රකාශ ලබාදුන් අවස්ථාවේ පැවසූ බව ද විමර්ශන් නිලධාරීන් අධිකරණයට දැන්වූවා. එම අඩවි වන නිලධාරියා සහ ඔහු ගේ  බිරිඳගෙන්  ලබා ගත්  ප්‍රකාශ අනුව මෙවැනි දෙයක් නොකියු බව පවසා සිටිය බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූයේ.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ 2028/8/ 14 වන දා කොළඹ ප්‍රදේශයේ හෝටලයක දී මෙම සැකකරු විසින් මාධ්‍ය කැඳවා කිලිනොච්චියේ පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් තිබෙන බවට කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය කරුණක් බවයි.

මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම සාමයට බාධාවක් වීම, මහජන කැලඹීමක් ඇති විය හැකි බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 485  වගන්තිය ප්‍රකාරව චෝදනා ගොනුකර සැකකරු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේ ය. තව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, විමර්ශන කණ්ඩායමක් කිලිනොච්චි ප්‍රදේශයට යවා විමර්ශන නිලධාරින් සහ  පොලිස් සුනඛයන් යවා පරීක්ෂා කළ ද එහි බෝම්බ කම්හලක් තිබෙන බවට කිසිදු  දෙයක් හමු නොවු බවයි විමර්ශන නිලධාරීවරයා  අධිකරණයට දැන්වූයේ.

එම ප්‍රදේශයේ දෙමළ ජනතාව ඵම රක්ෂිතයට ගොස් වගා කටයුතු සහ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට පලෙයි පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර නඩු පවරා ඇති බවත්, එම මාධ්‍ය හමුවේ දී ඔහු විසින් ප්‍රකාශ කළ සියල්ල ඊට පසු දිනයේ දී පොලිස්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණු බවත්  විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූයේ ය.

පලෙයි රක්ෂිතය තුළ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකු ගොවි පොළක් සහ ඇගළුම් කම්හලක් ඉදිකරමින් පවතින බවත්, එය නීති විරෝධී ඉදිකිරීමක් බැවින් එකී ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පවරා ඇති බවත් පොලිස්පතිවරයා පවසා තිබෙන බවත්, මෙම සැකකරු මාධ්‍ය ආයතනවල පමණක් නොව යූටියුබ් නාලිකාවල ද මෙම ප්‍රකාශය සිදු කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව සංස්කරණය නොකළ වීඩියෝ පට ලබාදීමට මාධ්‍ය ආයතන අටකට නියෝග නිකුත් කරන ලෙස ද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් පෙර නඩු දිනයේ දී ඉල්ලා සිටියේ ය.

මෙම සිද්ධියට අදාලව විමර්ශන ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න