නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයින් පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාළව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' ඇතුළු දෙදෙනෙක් ලබන (01) වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකළපුව වැඩබලන මහේස්ත්‍රාත් මධුජලා කේතීස්වරන් අද (18) නියෝග කළා ය.
මෙම නියෝගය නිකුත් කළේ සිද්ධියේ තෙවැනි සැකකරු ලෙස නම් කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' යන අය ඇතුළු දෙදෙනකු අද (18) ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය. ඝාතන සිද්ධියට අදාළ පළමු සැකකරු මේ වන විට මෙරටින් පලා ගොස් ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි.
පොලිස් තොරතුරුවලට අනුව, පළමු සිදුවීම වාර්තා වන්නේ ඉකුත් 2008 ජනවාරි 09 වැනිදා ය. ඒ, කල්අඩි ප්‍රදේශයේ මුරුගන් කෝවිල අසල ක්‍රීඩාංගණයේ දී ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා හිටපු පොලිස් නිලධාරියකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම ය.
මෙම සැකකරුවන් විසින් ඉකුත් 2008 මැයි 22වන දා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර, ඉකුත් 2008 අගෝස්තු 20 වැනිදා රාත්‍රී කාලයේදී වව්නතිවු පොලිස් වසමට අයත් කොන්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී තවත් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
මෙම අපරාධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර ඉන් පළමු සැකකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින පුද්ගලයා ඉකුත් 2025 අගෝස්තු 13වන දා සහ 2025 නොවැම්බර් 13වන දා සිට පිළිවෙළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම පංච පුද්ගල ඝාතන සිද්ධීන්වල තුන්වන සැකකරු ලෙස නම් කර සිටින්නේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' නමැත්තා ය.
මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ද හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන අය රක්ෂිත භාරයේ පසුවෙයි. මෙම සිද්ධියට අදාළව නිතිපතිවරයා මොහුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
