Image

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ආයෝජන බැංකුවක් සහ පහසු රථවාහන ණය ක්‍රමවේදයක් අවශ්‍යයි - කථිකාචාර්ය සුරංජිත් වෑවිට ගෙන් යෝජනාවලියක්

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ආයෝජන බැංකුවක් සහ පහසු රථවාහන ණය ක්‍රමවේදයක් අවශ්‍යයි - කථිකාචාර්ය සුරංජිත් වෑවිට ගෙන් යෝජනාවලියක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පවතින සම්ප්‍රදායික රටාවලින් මිදී නවීන සහ තිරසාර ප්‍රවේශයක් වෙත යොමුවීමේ අත්‍යවශ්‍යතාව සංචාරක සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික, ජාතික සංචාරක මාර්ගදේශක කථිකාචාර්ය සුරංජිත් වෑවිට පෙන්වා දෙයි. ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ඔහු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු වගකිව යුතු ආයතනික රාමුව තුළ ප්‍රධාන තනතුරකට පත් කිරීම, ක්ෂේත්‍රයේ පිරිස ගේ මෙන්ම රජයේ ද අපේක්ෂාව වී තිබේ.

සංචාරක කර්මාන්තයේ නියැළෙන විශාල කර්මාන්තකරුවන්ට ව්‍යාපාර වර්ධනය කරගත හැකි සහන සැලසීම මෙන්ම, කුඩා කර්මාන්තකරුවන් සඳහා අවදානම් ප්‍රාග්ධනය සැපයිය හැකි තැන්පතු මත පදනම් නොවූ ආයෝජන බැංකුවක (Investment bank or Merchant bank) අවශ්‍යතාව සපුරාලීම අතිශය වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. තව ද, බදු පසුව ගෙවීමේ පදනම මත වාහන වටිනාකම (CIF value) මත පදනම් වූ විශේෂ ණය ක්‍රම හඳුන්වා දීම ද සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන ප්‍රධාන යෝජනාවක් ලෙස දැක්විය හැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න