Image

ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස සීවලී අරුක්ගොඩ පත් කරයි

ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස සීවලී අරුක්ගොඩ පත් කරයි

ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පත් කර ඇත.

මීට අදාළ පත්වීම ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කරබු ලැබ ඇත.

මෙම නව පත්කිරීමට අනුව, රජයේ ප්‍රධාන ආදායම් උපයන ආයතන ත්‍රිත්වය වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු, ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කාර්යාංශය මගින් සිදු කිරීමට නියමිත ය.

මෙම කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස පත් වූ සීවලී අරුක්ගොඩ ශ්‍රී ලංකා රේගුවේ විවිධ තනතුරුවල වසර 37 ක දීර්ඝ කාලයක් සේවය කළ නිලධාරියෙකි. ඔහු මීට පෙර ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස ද කටයුතු කර ඇත.

ජේ. මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න