ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඊයේ (08) අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
ත්‍රෛනිකායික මහනායක නාහිමිපාණන් වහන්සේලා උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් මෙහි දී අවධාරණය කළ අතර 22වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ය.
මේ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස්, හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ලසන්ත අලගියවන්න, අජිත් මාන්නප්පෙරුම, නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග, නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යුණුස්, ව්‍යවසායක කියාස් එම්. නිසාර් යන අය ද සහභාගී වූහ.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
