නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති පැමිණිල්ලක් අද (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබී ය. එම අවස්ථාවේ දී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
