වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මේ බව කියා සිටියේ නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයෙහි වැඩිදුරටත් මෙසේ සදහන් වේ.
නගරයේ ජීවත් වෙන අයටත් සාධාරණ මිලට හාල් නෑ
මේ රටේ ගොවි ජනතාව ඇවිල්ලා තමන්ගේ ප්රශ්න කිව්වම, ගොවියා කසිප්පුකාරයෙක් කියලා කියනවා.
වී මිල ගැන ගොවියා කතා කරාම, 'නෑ අපි දෙන්නේ නෑ' කියලා කියනවා. පොහොර ටික වෙලාවට ගොවියාට ලැබෙන්නේ නෑ. ගොයම් කැපෙන කාලේ බලලා හාල් පිටරටින් ගේනවා. කිවුවෙ කොහොමද හාල් පිටරටින් ගේන්නෙ නෑ මේ තමයි හාල් ගේන අන්තිම අවුරුද්ද කියලා. අවසානයේ නගරයේ ජීවත් වෙන ඔබටවත් සාධාරණ මිලට හාල් ලැබෙන්නේ නෑ.
කියන්න ලේසියි කරනකොට අමාරුයි
අපි දැක්කා පසුගිය සතියෙ ගොවීන් ආණ්ඩුවට කියනවා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් එකසිය හතළිහක් ඉල්ලනවා. පහුගිය කාලෙ ගොවීන් රජකමට සුදුසු නෑ කිවුවා; ගොවියට එච්චර ගැරහීම් කළා. ඒ ගැන අහපුවහම කිවුවා රජකමට සුදුසු උඩුනුවර යටිනුවර ගොවීන් කියලා තවත් අපහාස කළා. ආණ්ඩුව ගන්න කලින් නාමල් කරුණාරත්න කිවුවෙ රුපියල් 154ට වී කිලෝවක් ගන්නව කියලා. ආණ්ඩුව ගත්තම කියනවා ඒ ගාණට වී ගන්න බෑ කියලා. කෘෂිකර්ම ඇමති තර්ජනය කරනවා ගොවීන් වීවලට මිලක් ඉල්ලුවහම.
දැන්වත් තේරුම් ගන්න කියන්න ලේසියි කරනකොට අමාරුයි කියලා.
මේසයට ගසා පාලන මිල ඉහළ දැමීම
අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ කාලයේ පොහොර මිටියක් රුපියල් තුන්සිය පනහකට දීලා වීවලටත් සහතික මිලක් ලබා දුන්නා. ඒ වගේ ම අපි වී අළෙවි මණ්ඩලය හරහා නිෂ්පාදන මිලදී ගත්තා. හාල් මිලත් පාලනය කළා. නමුත් පහුගිය ආණ්ඩුව කාලෙ අපිට කාබනික පොහොර ගෙනල්ලා වැරදීමක් උනා.
අපිට වඩා හොඳයි කියලා ගෙනාපු අයට වී මිලදී ගැනීමටවත් හරි ක්රමවේදයක් නෑ. මෝල් හිමියන්ට ඕනෙ විදියට වැඩ කරන්නෙ නෑ කියපු ජනාධිපතිවරයා මේසෙට ගහලා පාලන මිලටත් වඩා රුපියල් 10ක් මෝල් හිමියන් ඉස්සරහ වැඩි කළා. ජීවන වියදම අසීමිත විදියට වැඩි වෙනවා. අසීමිත බදු බරක් තියෙනවා. දිනෙන් දින ජීවන වියදම වැඩි වෙනවා වගේම රටේ ජනතාවට දරාගන්න බැරි තැනට අද ආර්ථිකය පත් වෙමින් පවතිනවා. වහාම මේ සඳහා ආණ්ඩුව වැඩපිළිවෙළ ගොවීන්ට හා මහජනතාව හමුවේ තැබිය යුතුයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
