Image

තරග පාවා දුන් අය ඇප මත නිදහස්

තරග පාවා දුන් අය ඇප මත නිදහස්

තරග පාවාදීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (31) නියෝග කළා.

සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස නියෝග කළා.

සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් පෙර නඩු දිනයේ දී කරන ලද ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ඉකුත් (27) ප්‍රතික්ෂේප කළා.

ඉකුත් (24) වන දින සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ කේ.ඩබ්.එස්. ප්‍රනාන්දු විසින් අධිකරණයට ගොනුකර තිබූ මෝසමකට අදාළ නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා එලෙස ඇප ප්‍රතික්ෂේප කළා.

තම සේවා දායකයන් දෙදෙනා රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින් ඇප මත මුදා හරින ලෙස නීතිඥවරයා එම මෝසම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අද දින ද (31) අධිකරණයේ පෙනී සිටි තිඥවරයා තම සේවා දායකයන් දෙදෙනා අසනීප තත්ත්වයෙන් පෙලෙන බැවින් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවා.

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

එසේ ඇප මත මුදා හරිනු ලැබුවේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු වන මංජොට් කල්රා සහ එම සිද්ධියට අධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා නමැති ඉන්දියන් ජාතිකයින් දෙදෙනකි.

සෑම සතියේම සඳුදා දිනවල ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට නියෝග කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න