Image

තමාට බොරු නඩුවක් පටලවා ඇතැයි සැකකරුවකු අධිරණයේ දී ප්‍රකෝපකාරී ලෙස හැසිරෙයි

තමාට බොරු නඩුවක් පටලවා ඇතැයි සැකකරුවකු අධිරණයේ දී ප්‍රකෝපකාරී ලෙස හැසිරෙයි

තමාට පොලිසිය බොරු නඩුවක් දැමු බව පවසමින් අධිකරණයට අපහාස වන ලෙස  විවෘත අධිකරණයේ විත්තිකුඩුව මත සිට පරුෂ වචනයෙන් කෑ ගැසු සැකකරුවකුට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (31) දැඩිව අවවාද කළා ය.

කටුනායක පොලිසිය මගින් තමාට බොරු නඩුවක් පවරා ඇති බවත්, තමා ඒ වරද සිදු නොකළ බවත් සැකකරු සඳහන් කළේ ය.

මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ වැරදිකරු ද, නිවරැදිකරු ද බවයි. එහි දී සැකකරු නිවරැදිකරු බව ප්‍රකාශ කළ අතර නඩුව නැතව ජනවාරි 08 කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

එහි දී විත්තිකුඩුවෙන් බැස නොගිය සැකකරු විත්තිකුඩුවේ සිට උස් හඩින් අසභ්‍ය වචනවලින් පොලිසියට බැන වැදුණේ ය. එසේ බැණ වැදුණු සැකකරු විත්තිකුඩුවෙන් බැස යන්නට උත්සාහ කළ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ සැකකරු විත්තිකුඩුවට යළිත් නංවන ලෙස යි.

අනතුරුව මහෙස්ත්‍රාත්වරිය සැකකරු හට දැඩිව අවවාද කළා ය.

පොලිසිය ද්වේෂ සහගත ලෙස නඩුවක් පැවරු බව සලකා තම අධිකරණය මුල් අවස්ථාවේ දී ම ඇප ප්‍රදානය කළ බවත්,  වැරදිකරු ද   නිවරැදිකරු ද යන්න පැවසීමට ද තම අධිකරණය අවස්ථාවක් දෙමින් නඩු විභාගයට දිනද නියම කර ඇති අවස්ථාවක අධිකරණයට අපහාස කිරිම නොකළ යුතු බව ද මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා ය.  සියලුම දෙනා ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණය බැඳී සිටින බවත්, මේ ඊට ජනතාවද ගරු කළ යුතු බව පෙන්වා දුන්නා ය. එහි දී ද සැකකරු දිගින් දිගට ම තම අදහස් ප්‍රකාශ කිරීමට උත්සහ කළ අතර මහෙස්ත්‍රාත්වරිය සඳහන කළේ අධිකරණය අවවාද කරන අවස්ථාවේ දී නිහඬ විය යුතු බවයි.

ඉන් අනතුරුව සැකකරු පොලිස් භාරයට පත් කර අවවාද කර මුදා හැරීමට නියෝග කළා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න