Image

හිටපු ඇමරිකානු තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරියට වරෙන්තු

හිටපු ඇමරිකානු තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරියට වරෙන්තු

තානාපති කාර්යාල ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේ දී රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු  කරනු ලබන විමර්ශනයකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අද (22) වරෙන්තු නිකුත් කළේ ය.

ඒ, සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ සිද්ධියට අදාළ නඩුව මේවනවිට නිතීපති උපදෙස්වලට යවා ඇති බවයි. තව ද මෙම සිද්ධියට අදාළ ඇපකරුවන්ට පෙර නඩු දිනයේ දී ඇප නොතීසි යැවු බවයි. ඒ අනුව ඇපකරුවන් අද අධිකරණයේ පෙනී සිටි අතර මහේස්ත්‍රාත්වරයා විසින් ඇපකරුවන්ට අවවාද කළේ ය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ නඩුව  නිතීපති උපදෙස් සදහා දෙසැම්බර් 9 වන දින කැඳවිමට නියෝග කළේ ය.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ජාලිය වික්‍රමසූරිය මහතා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරිමේ දී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 32,000ක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරු මේ වන විට ඇමරිකාවේ සිටින බවත්, මේ වනවිට මෙම සැකකරු අධිකරණය මගහැර සිටින  බවත්,  විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය. ඒ අනුව ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කළේ ය.

මෙම නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන දෙසැම්බර් මස 9  අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද එහි දී  නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න