Image

රජයේ විදුලිබල වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය ප්‍රකාශ වෙන ක්‍රම දෙකක්

රජයේ විදුලිබල වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය ප්‍රකාශ වෙන ක්‍රම දෙකක්

2024දී මෙරට වහලය මත සවිකල සූර්ය පද්ධති හරහා ලබාගත් විදුලිබල ප්‍රමාණය මෙගාවොට් 867ක් වූ අතර එය 2025දී මෙගාවොට් 1674 දක්වා දෙගුණ කිරීමට ජාතික ජන බලවේග රජය කටයුතු කළ බව බලශක්ති අමාත්‍යය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

තව ද සූර්ය බලශක්තිය උපරිම අයුරින් පද්ධතිය තුළට ලබාගැනීම සදහා ක්‍රියාකරන බව ද, එහි ඉතා වැදගත් පියවරක් ලෙස බැටරි බලශක්ති ගබඩාකරන පද්ධති (BESS) ඉදිකරන බව ද, ලබන වසර අවසන් වන විට මෙගාවොට් 560ක් බැටරි පද්ධතිය ඉදිකරන බව ද, මේ වසර දෙක තුළ මෙගාවොට් 1200ක බැටරි පද්ධතිය ඉදිකරමින් විදුලිබල අවශ්‍යතාව උපරිම වන පස්වරු 06:00 සිට 10:00 දක්වා වන පැය 04ක කාලයට අවශ්‍යය වන විදුලිබලය ගබඩා කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

බලශකක්ති අමාත්‍යවරයා මේ කරුණු හෙළි කළේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය. 

බලශක්ති අමාත්‍යංශය මාධ්‍ය අංශය (EMD)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න