මාතරදී කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් මිය යෑම එම සිදුවීමට සම්බන්ධ සැකකරු ඝාතනය කිරීමෙන් සාධාරණීකරණය කළ නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින්ය.
එහිදී අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ අපරාධකරුවන් සමඟ කටයුතු කිරීමේදීද නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් වර්තමානයේ පවතින්නේ යහපාලනය මිස යමපාලනයක් නොවන බවය .
පහත පළවන්නේ අමාත්‍යවරයා තැබූ එම ට්වීටර් සටහනයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
