රටේ බරපතළ පොහොර හිඟයක් පවතිනවා - විපක්ෂ නායක

රටේ බරපතළ පොහොර හිඟයක් පවතිනවා - විපක්ෂ නායක

පොහොර හිඟයක් නැතැයි රජය පැවසුව ද බරපතළ පොහොර හිඟයක් රටේ පවතින බවත්, ගොවි ජනතාව ආදී සෑම කෘෂිකාර්මික කටයුත්තක නිරත වන ජනතාව පෙන්වා දෙන පරිදි සෑම දිස්ත්‍රික්කයක ම ගොවි ජනතාව මේ බරපතළ ගැටලුවට මුහුණ දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මෙරට ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම ප්‍රකාශයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

අස්වනු කැපීමට අවශ්‍ය ඉන්ධන නැහැ

''මාස් කන්නයෙ හෙක්ටයාර ලක්ෂ 8ක් වගා කරනවා. ඉදිරි යල කන්නයේ පවා හෙක්ටයාර ලක්ෂ 5ක් වගා කටයුතු සිදු කරනවා. හෙක්ටයාර පන්ලක්ෂ පනස්දහසක් වී වගා කළත් ජලය හිඟතාව තුළ ලක්ෂ 5ට අඩුවන බවට පුරෝකථනය කරනවා. මේ අවස්ථාවේ රජය යුරියා හිඟයක් නැති බවත් මෙට්‍රික් ටොන් ලක්ෂක් ඇති බවත් එය ප්‍රමාණවත් යැයි රජය කිව්වත් ප්‍රමාණයටත් වඩා යූරියා අප රටේ භාවිත වන නිසා අවම වශයෙන් හෙක්ටයාර ලක්ෂ 5ක් සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහ අමතර 10000ක්ද බඩඉරිගු වගාව සඳහා මෙට්‍රික් ටොන් 15000ක්, තේ වගාවට මෙට්‍රික් ටොන් 25000ක් පමණ අවශ්‍ය යි. නමුත් මේ මොහොත වන විට ඉදිරි වගා කටයුතු සදහා මෙට්‍රික්ටොන් 150000ක් පමණ යුරියා අවශ්‍ය යි. රජය පොහොර හිඟයක් නැති බව කිව්ව බරපතළ පොහොර හිඟයක් රටේ පවතිනවා. ගොවි ජනතාව ආදී සෑම කෘෂිකාර්මික කටයුත්තක නිරත වන ජනතාව පෙන්වා දෙන පරිදි සෑම දිස්ත්‍රික්කයක ම ගොවි ජනතාව මේ බරපතළ ගැටලුවට මුහුණ දෙනවා. ඊට අමතරව අස්වනු කැපීමට අවශ්‍ය ඉන්ධන පවා නැහැ.

පොහොර හිඟය පියවන්න විපක්ෂ නායකවරයා ගෙන් යෝජනා කිහිපයක්

ඊට අමතරව ඊළඟ කන්නයට ජලය නිකුත් කරන්න දින තීරණය කළත් අවශ්‍ය බිත්තර වී නැහැ. මේ තත්ත්වය මත අප රටට පොහොර ගෙන්වීමට වැඩපිළිවෙළක් අවශ්‍ය යි. මේ සඳහා කරුණු කිහිපයක් යෝජනා කරනවා.

* ලෝකයේ පොහොර මිල මෙට්‍රික් ටොන් එකක මිල ඩොල් 400 සිට 700 දක්වා වැඩිවෙලා ඇති මොහොතක අප රටේ පොහොර මිටියක මිල රු. 9500 සිට රු. 15000 දක්වා 17000 දක්වා වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති නිසා රජය පොහොර සහනාධාරය සඳහා ලබා දෙන මුදල වැඩි කළ යුතු යි.

* අප රටට අවශ්‍ය යූරියා පොහොර ටික ගෙන්වීමට කටයුතු කළ යුතු යි. ඉරානය පොහොර නිෂ්පාදනය නතර කර ඇති නිසා ඔ්මාන් කටාර් ආදී රටවල් ද පොහොර ප්‍රවාහනය යුදමය තත්ත්වය නිසා නවතා තිබෙනවා. මේ අතර රක්ෂණ ගාස්තු වැඩිවීම නිසා ප්‍රවාහන ගාස්තු පවා වැඩි වෙලා තියෙන නිසා පොහොර හිඟයක් නිර්මාණය විය හැකි යි. චීනය පවා පොහොර අපනයනය තහනම් කිරිමත් ඉන්දියාවේ පොහොර ඒ රටවලට පවා ප්‍රමාණවත් නොවීම වැනි විවිධ තත්ත්වයන් තුළ රාජ්‍ය හා රාජ්‍ය අතර විශේෂ එකගතාවලට ලංකාව එළැඹිය යුතු යි; ඒ හරහා යුරියා ලබා ගත හැකි යි.

* පොහොර ගැටලුව ගැන නිසි වැඩපිළිවෙළක් ආරම්භ කර පවතින පොහොර ජනතාවට ලබා දෙන විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු යි.

* ගොවියාට අවශ්‍ය ඉන්ධන ටික නොලැබුණහොත් උපකරණ භාවිත කළ නොහැකි වෙනවා. මේ නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලු රැසක් තිබුණත් රජයෙන් කඩිනම් උත්තර නොමැති වීම දැවැන්ත ගැටලුවක්. මේ නිසා කළුකඩ මාෆියාව පවා වෙනවා.

* නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු වැඩිවීම හේතුවෙන් පොහොර හිගයක් ඇතිවීම නිසා රුසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, චීනය යනාදි රටවල් සමග සාකච්ඡා කර පොහොර හිඟයට විසදුමක් ලෙස පොහොර ලබා ගෙන ජනතාවට ලබා දිය යුතු යි.

* තවමත් වී විකුණන්නේ අඩු මිලට. ගොවියාට ලැබිය යුතු ස්ථාවර මිල ලැබෙන්නෙ නෑ. ගොවියාට සාධාරණයක් ඉටු කිරිමට වී සදහා ස්ථාවර මිලක් අවශ්‍ය යි. ජනතාවට බොරු සපයන්නේ නැතිව මේ ගැටලුවලට රජය වහාම විසදුම් සැපයිය යුතු යි.

එදා මැතිවරණ සමයේ ගොවියා බොරු කියා රැවටූ නමුත් දැන්වත් ගොවියාගේ ගැටලුවලට රජය විසදුම් දිය යුතු යි. තවදුරටත් ගොවියා රවටන්නේ නැතිව මේ ගැටලු කෙරෙහි දැඩි අවධානය යොමු කර පිළිතුරු සැපයිය යුතු යි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න