මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

මෙරට කෘෂිකාර්මික අපද්‍රව්‍ය ඇති ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල ගෑස් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි නෝර්වේහි අවධානය යොමුව තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නෝර්වේ කොන්සලර් ස්ටර්ල් හැරල්ඩ් පීඩර්සන් (Sturle Harald Pedersen) අතර ඊයේ (18) පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණවී ඇත.

එහිදී කෘෂිකර්මාන්තය සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කළ බව සඳහන්ය.

බලශක්තිය කිහිප ආකාරයකින් නිෂ්පාදනය කරගැනීම සම්බන්ධයෙන් නෝර්වේ කොන්සලර්වරයා විසින් එහිදී කරුණු ඉදිරිපත් කරන ලදී.

සුළං ශක්තිය, සූර්ය ශක්තිය සහ සාගරයේ උදම් රළ මඟින් නිපදවන ශක්තිය භාවිත කරමින් බලශක්තිය නිපදවීමට ශ්‍රී ලංකාවට සහය විය හැකි බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ඊට අදාළව ඔවුන් විසින් සකස් කළ ව්‍යාපෘති වාර්තාවක් ද මෙහිදී අමාත්‍යවරයා වෙත භාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

කොන්සල්වරයා නිරීක්ෂණය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ දිවා කාලයේදී සූර්ය බලශක්තිය වැඩිපුර නිෂ්පාදනය කරන අතර, එම අමතර සූර්ය බලශක්තිය භාවිත කරමින් ජලය විද්‍යුත් විච්ඡේදනයෙන් හයිඩ්‍රජන් නිෂ්පාදනය කර එය ඉන්ධනයක් වශයෙන් පාවිච්චි කළ හැකි බව ද පෙන්වාදෙන ලදී.

මෙලෙස නිෂ්පාදනය කරන ලද හයිඩ්‍රජන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඇතුළු සෑම ක්ෂේත්‍රයක් සඳහාම ඉන්ධනයක් වශයෙන් භාවිත කළ හැකි බව නෝර්වේ කොන්සලර් ස්ටර්ල් හැරල්ඩ් පීඩර්සන් (Sturle Harald Pedersen) වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න