ලෝකේ බොහෝ රටවල් මීට පෙර මෙවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් සූදානම් වූ බවත්, ප්‍රමාද වී හෝ ඒ සම්බන්ධයෙන් සූදානම් වීම පිළිබඳව සතුටු වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙ අදහස් පළ කළේ පැන නැගී තිබෙන වර්තමාන තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
ඇමතිවරයා ගන්නවා කියපු 150 දැන් ජනතාවට දෙන්න
''ආණ්ඩුව QR එක ගැන මීට කලින් කල්පනා කරන්න තිබ්බා. පහුගිය කාලේ අපි දැක්කනේ මේ ජනාධිපතිවරයා ම පහුගිය ආණ්ඩුවෙන් QR එක දානකොට කියපු කතා ටික. ගල් අඟුරු වංචාව වෙච්ච පාඩුව වහගන්න අද පළවෙනියටම තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණා. ඉතින් ගල් අඟුරු වංචාවෙන් පාඩුව අන්තිමට සමස්ත ජනතාවට ම විඳ දරා ගන්න සිද්ධ වෙනවා. ඒ විඳදරා ගැනීම ලෝක යුද්ධයකට සීමා කරලා බේරගන්න උත්සාහ කරනවා. ලෝක වෙළඳපොළේ තෙල් මිල ගැන අවබෝධයක් ලබා ගත්තේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පස්සේ වෙන්න පුළුවන්. හැබැයි ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව ලෝක වෙළඳපලේ වෙච්ච හින්දා පාඩුවක් නෙවෙයි. මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය හා වංචාව නිසා වෙච්ච පාඩුවක්. ඒක වහගන්න ලෝක වෙළඳපලට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ. තවත් පැත්තකින් ඒ කාලේ කිව්වා නේ ඇමතිවරයාට එකසිය පනහක් හම්බවෙනවා කියලා. ඉතින් ඒ එකසිය පනහ තෙල් මිලෙන් අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න. එදා ආණ්ඩුවේ හිටපු ඇමතිවරු හොරකම් කරා නං නම් 150ක් දැන් ඒක හොරකම් කරන්නෙ නැත්තං ඒ එකසිය පනහ අඩු කරන්න. අඩුකරලා ජනතාවට සහනයක් දෙන්න. දැන් ජනාධිපතිතුමා ඇවිල්ලා කියන්න එපා තෙල් ලිඳවල් නැති නිසා තෙල් මිල වැඩි කරන්නේ එතුමා ගේ වාසියට නෙවෙයි කියලා. ජනාධිපතිවරයා පරිගණක ක්ෂේත්‍රයේ ඉහළ කෙනෙක් නෙවේ නිසා QR එක ගැනත් අහන්න එපා කියලා කියාවි ද දන්නේ නැහැ. හැබැයි ඒ කෙසේ වෙතත් කරුණාකරලා අත්‍යවශ්‍ය සේවාවන්වලට, වෛද්‍යවරුන්ට, ත්‍රීවිල්වලට මොකද ඔය කියන තෙල් ගානෙන් හයර් දුවන්න නම් හම්බවෙන්නේ නැහැ. විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවලින් දුවන්න වෙන්නේ දුර දුවන හයර්නේ. ඒ හින්දා මේ දේවල් ගැන ආණ්ඩුව ප්‍රායෝගිකව බලන්න ඕනේ. ඒ වගේම වෙළඳ ව්‍යාපාර සංචාරක ව්‍යාපාරය වැඩි ක්ෂේත්‍රවලට ආණ්ඩුව අවධාරණය යොමුකරලා යම් වැඩපිළිවෙළක් හදන්න ඕනේ.
මෙයාල ආණ්ඩු කරන්නෙ මහන්තත්තකම මත
මේ වෙනකොට නිවසේ සිට රාජකාරී කිරීම වැනි තීන්දු ගත යුතුයි. මන් දැක්ක ජනාධිපතිවරයා අධ්‍යයනය කරන්න ඕනේ කියලා කියලාතියෙනවා. ඉතින් අධ්‍යනය කරන්න දෙයක් නෑ කොවිඩ් 19 වසංගතය වෙලාවේ මුළු ලෝකය ම වහපු වෙලාවෙත් work from home නැත්නම් නිවසේ සිට කටයුතු කරන්න රාජ්‍යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවා. ඉතින් අධ්‍යනය කරලා තීන්දුවක් ගන්න දෙයක් නෙවෙයි. හැබැයි මේ කාලසීමාවේ ලෝකයේ සිදුවන දේ අනුව අපි අනුගත වෙන්න ඕනේ. හැබැයි කලින් නම් කිව්වනේ අපිට ඕන තරම් තෙල් තියනවා බයවෙන්න දෙයක් නෑ කියලා. තමන්ගේ ආණ්ඩුව පිළිබඳව නොදැනුවත්කම තමන්ගේ තිබෙන තෙල් සංචිත පිළිබඳව සහ මේක කොතරම් කාලයකට ඇතිද කියන කාරණය ගැන එක්කෝ නොදැනුවත්කම නැත්තං දැන දැන තමන්ගේ මහන්තත්තකම මත ආණ්ඩුව කරන්න කටයුතු කරා. අපි දැක්ක පහුගිය ආණ්ඩුවල මෙවැනි තීන්දු ගන්න පරක්කු වෙච්ච නිසා අවසානය අරගලයක් ඇවිල්ලා ආණ්ඩුවට යන්න වුණා. ඉතින් මේ ආණ්ඩුවත් පහු නොකර නියමිත වේලාවට තීන්තු තීරණ ගනියි කියල අපි හිතනවා.
ආණ්ඩුව, ඩීසල් මාෆියාව එක්ක ඩීල්
මේ වෙලාවෙත් පොහොර හිඟයක් තියෙනවා. පහුගිය කන්නේ පොහොරවල මුදල් ආණ්ඩුවෙන් දුන්නෙත් නැහැ පොහොරවල මිල ගොවියට දරාගන්නත් බැහැ. ඉතින් මේ තත්ත්වය අනුව පොහොරවල හිඟයක් වගේ ම පොහොරවල මිල අසීමිත තැනකට යන්න පුළුවන්. ආණ්ඩුව ගොවියා ගැන තඹ සතේකට ගණන් ගන්නේ නෑ. ආණ්ඩුව හිතනවා පිටරටින් හාල් ගෙනල්ලා දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ කාල සීමාවේ මොන රටින්ද අපිට හාල් දෙන්නේ කියන ප්‍රශ්නෙත් අහන්න වෙනවා. අපේ ගොවියා ශක්තිමත් කරලා වවා ගත්තේ නැත්නම්, අපේ ගොවිතැන් ටික හේන් ටික වගා කරේ නැත්නම්, අපේ මත්ස්‍ය අස්වැන්නෙන් ස්වයංපෝෂිත කරගන්න හැකි තාක් දුරට උත්සාහ කරේ නැත්නම්, අපිට තව රටකට වැඳ වැඳ ඉන්න වෙනවා මිනිස්සුන්ට කන්න ටික දෙන්නත්. ඉතිං ඒ බව දැන දැනත් ආණ්ඩුව ගොවිජනතාව ගේ ආර්ථිකය වට්ටන්න කටයුතු කරනවා. දැන් ඉතින් ඒ වෙනස පේනවනේ ගොවියට තියෙන තත්ත්වයත් මෝල්හිමියට තියෙන තත්ත්වයක් බැලුවම මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳටම පේනවා. ඉතින් පැහැදිලිවම අපිට ඉදිරි කාල සීමාව තුළ ගොවි ක්ෂේත්‍රයේ විශේෂයෙන් ම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වෙච්ච හානිවලට වන්දි ගෙවා ගන්නත් ආණ්ඩුවට තවම බැරිවෙලා තියෙනවා. ඉතින් මෙවැනි පරිසරයක ගොවි ජනතාව විශාල අසීරුතාවයකට පත්වෙලා තියෙනවා ඉතින් මේ කාරණය ඇතුළෙ දි ඉදිරියේ දී පාරිභෝගිකයටත් මේකට මුහුණ දෙන්න සිද්ධ වේවි. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව වෙලාවේ අපි පුනර්ජනනීය ශක්තියට ආයෝජනය කරන්න සුළං විදුලි බලාගාරවලට ආයෝජකයෝ ගෙනල්ලා සූර්ය බලයෙන් විදුලිය උත්පාදනයකරන්න හැකිතාක් උත්සාහ කෙරුවේ මේ ලෝකයේ ඉදිරියේ ඇතිවෙන්න පුළුවන් අභියෝග පිළිබඳව යම් අවබෝධයක් ඇතිව. ඉතින් මේ ආණ්ඩුව බලයට ආවම ඒ පිළිබඳ අවබෝධයක් නැතුව ඒ ව්‍යාපෘති නවත්තලා ආයෝජකයෝ එළවලා දැම්මා. දැන් ඩීසල්වලින් ඩීසල් මාෆියාව එක්ක ආණ්ඩුව කටයුතු කරනවා.''

