එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ජාතික වශයෙන් කරන වැඩපිළිවෙළ ම ප්‍රාදේශීය වශයෙන් කරගෙන යෑමට සියලු වැඩකටයුතු සූදානම් කර තිබෙන බවත්, මේ දැනුවත් කිරීමේ දී සියලු දේශපාලන පක්ෂත් සමග ගමේ එකට වැඩ කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවත්, එය ගමේ පවත්වන සමුපකාර ඡන්ද සහ ප්‍රාදේශීය ඡන්ද සියල්ලෙන් ම ජනතාව ඔප්පු කර ඇති බවත්, මහජනතාව එකට එකතු වී වර්තමාන පාලන තන්ත්‍රය පරාජය කරමින් පවතින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) සවස ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
මතු පළ වන්නේ එම මාධ්‍ය සාකච්ඡාවේ දී එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.

