මහමුද් අහමඩිනෙජාඩ් ගේ මරණය පිළිබඳ, නාමල් රාජපක්ෂ ශෝකය පළ කරයි

මහමුද් අහමඩිනෙජාඩ් ගේ මරණය පිළිබඳ, නාමල් රාජපක්ෂ ශෝකය පළ කරයි

ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ගුවන් ප්‍රහාරවලින් ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශෝකය පළ කර ඇත.

ඔහු මෙලෙස ශෝකය පළ කර ඇත්තේ සිය 'X' ගිණුමෙහි සටහනක් තබමිනි.

ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු ලෙස ද ඔහු සඳහන් කර ඇත.

එම 'X' ගිණුමෙහි වැඩි දුරටත් මෙලෙස සටහන් කර ඇත.

"අපි මේ දුෂ්කර අවස්ථාවේදී ඉරාන ජනතාව සමඟ සිටිනවා. යුද්ධය තෝරා නොගෙන, සියලු පාර්ශ්වයන් ඉවසීමෙන් කටයුතු කර, සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතුයි.''

හිටපු ඉරාන නායකයා ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉටුකළ මෙහෙවර පිළිබඳව ද ඔහු සඳහන් කර ඇත.

2008 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි මහමුද් අහමඩිනෙජාඩ්, සපුගස්කන්දේ තෙල් පිරිපහදුව වැඩිදියුණු කිරීම සහ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට ද දායක වූ බව නාමල් රාජපක්ෂ සිය සටහනින් පෙන්වා දී ඇත.

එමෙන්ම ඉරානය සෑමවිටම ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු වූ බවත්, ප්‍රහාරවලින් මියගිය සියලු දෙනා ගේ පවුල් වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න