අද වන විට “ගැහැනු අපි”

අද වන විට “ගැහැනු අපි”

“ගැහැනු අපි” slogan එක නිර්මාණය කලේ මම (ඒකට ‘එක මිටට’ දැම්මේ මම නෙමෙයි.

ඒක දැම්මේ දැන් රූපවාහිනියේ සභාපති ගිහාන් ද සිල්වා). මේ කැම්පේන් එක ගැන සාකච්ඡා කිරීමට අපි පැලවත්තේ වාර ගණනාවක් රැස් වුණා. යම් මොහොතක හරිනි අමරසූරිය ඇයගේ මිතුරියක් "expert" කෙනෙකු ලෙස හදුන්වා දෙමින් එවැනි මීටිමකට පැලවත්තට ගෙනාවා. එම expert "ගැහැනු අපි" ඉවත් කරන්නට සහ ඒ වෙනුවට "ඔබද මාද විය මාද ඔබද විය" වගේ slogan එකක් යෝජනා කළා (not a joke). එය ප්‍රතික්ෂේප වුණා.

ඉන්පසු සති කීපයකට නැවත "ගැහැනු අපි" යොදා නොගෙන සිටීමට, මාව හිතාමතා බැහැර කළ මීටිමක දී ගිහාන්, හරිනි ඇතුළු පිරිස තීරණය කළා. ඒ අනුව නිශ්චිත අදහස් හුවමාරුවක් උඩ තමයි මම හරිනි අමරසූරිය ගේ කණ්ඩායාමෙන් සහ PWC කමිටුවෙන් ඉවත් වෙන්න තීරණය කළේ. නමුත් මා එසේ ඉවත් වීමෙන් පසුව ඔවුන් "ගැහැනු අපි" භාවිතා කරන්න තීරණය කළා.

“ගැහැනු අපි” කියන්නේ නිකන්ම නිකන් වචන දෙකක් නෙමෙයි. එය ගැහැනුන්ගේ සාමූහිකත්ව හැඟීම, පොදු අත්දැකීම්, සහ සමාජ-ආර්ථික යතාර්ථ හඳුනාගනිමින් ගෙනා දේශපාලන අදහසක්. ජනාධිපතිවරණ කැම්පේන් එකේ ‘ගැහැනු අපි එක මිටට’ වේදිකාවල්වල හරිනි අමරසූරිය වගේම අනෙක් කථිකයින් ගැහැනු අපි කියන වචන දෙක විනාඩියෙන් විනාඩියට තම කථාවල යොදාගත් හැටි සවන් දුන් ඕනෑම කෙනෙකුට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්.

නමුත් අද වන විට NPP ආණ්ඩුව “ගැහැනු අපි” යොදාගන්නේ ගැහැනුන්ව NPP ප්‍රචාරණ කටයුතු සඳහා පාවිච්චි කිරීමට පමණක් බව පැහැදිලියි. එනිසා NPP ප්‍රචාරණ කටයුතුවල “ගැහැනු අපි” තවදුරටත් යොදා ගැනීම පිළිබඳ මගේ බලවත් විරෝධය මෙලෙස ලියා තබමි. එසේ කලා කියා ඔවුන් ඒ භාවිතය නවත්වන්නේ නැති වුව ද, මෙම විරෝධය සලකුණු කිරීම මගේ දේශපාලන වගකීමක් ලෙස සලකමි.

Shyama Basnayake

උපුටා ගත්තේ Shyama Basnayakeගේ face book පිටුවෙන්

gehenu api

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න