අද රජයෙන් ඉටුවිය යුතු යුතුකම් කිසිවක් ජනතාවට ඉටු වෙන්නේ නැහැ - විපක්ෂ නායක

අද රජයෙන් ඉටුවිය යුතු යුතුකම් කිසිවක් ජනතාවට ඉටු වෙන්නේ නැහැ - විපක්ෂ නායක

අද වන විට ශ්‍රී ලංකා රාමඥ්ඤ මහා නිකායේ පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීවන කවයක් නිර්මාණය වූයේ රාජ්‍ය අංශයෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු නොවන නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුර ශ්‍රී සුගත මහා විහාරයේ පැවති පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීව කවය වැඩසටහනට එක් වූ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ශීලාචාරිත්වය රැක ගැනීම සියලු දෙනාගේ ම වගකීමක්

''අද වන විට අප රටේ පන්සල් පද්ධතිය, පෞරාණික සිද්ධස්ථාන හා ඉපැරණි සංස්කෘතිය කඩාවැටීමට ගරාවැටීමට ලක් වෙලා. ආගම ධර්මය සුරක්ෂා කරමින් සංස්කෘතිය රැකබලා ගනිමින් රටේ සභ්‍යත්වය, ශිෂ්ටසම්පන්න භාවය හා ශීලාචාරිත්වය රැක ගැනීම සියලු දෙනාගේ ම වගකීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට සම්බුද්ධ ශාසනයට බුදුදහමට විශේෂිත ස්ථාවරයක් හා තැනක් ලබා දී තිබෙනවා. බුදුදහම සුරක්ෂා කරන්න රැක ගන්න හා පෝෂණය කරන්න කටයුතු කරනවා සේම රටේ සෙසු ආගම් හා ජාතීන් ද සංස්කෘතීන්ද ආරක්ෂා කරන්නට කටයුතු කළ යුතු යි. එය පුරවැසියන් ගේ වගකීමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ පවා දක්වා තිබෙනවා. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශයක් සහ අරමුදලක් ඇති කිරීම මෙන්ම අනෙකුත් ආගම් හා ජාතීන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශ පවා ඇති කළ නමුත් පසු කාලීනව බිහි වූ නායකයන් බොහෝ අවස්ථාවල දී ආගමට දහමට මුල් තැන දී කටයුතු කරන්න නොහැකි වුවත් ආගම දහම මුල් කර ගෙන දේශපාලනය නම් සිදු කළ පිරිස් සිටියා. අද වන විට මේ ශ්‍රී ලංකා රාමඥ්ඤ මහා නිකායේ පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීවන කවයක් පවා නිර්මාණය වූයේ රාජ්‍ය අංශයෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු නොවන නිසා.

මේ නිසා අප සියලු දෙනාම කතාවෙන් පමණක් සීමා නොවී ක්‍රියාවෙන් ද කටයුතු කර ප්‍රායෝගික බෞද්ධයන් ලෙස කටයුතු කළ යුතු යි. සම්බුද්ධ ශාසනය ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සුරක්ෂිත කළ යුතු යි. ඒ හරහා බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කරනවා සේම සෙසු ආගම් ජාතීන්ට ලබා දිය යුතු නියමිත තැන ලබා දී නිර්මාණය වන සහෝදරත්වය තුළ ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදය තුරන් වී සියලු දෙනා එකට එකතු වන වනවා. එය රටේ අනාගතයට බලපානවා.

අද මහා සංඝරත්නයට වනචාරීන් ලෙස ආමන්ත්‍රණය කරනවා

අද එක්තරා දේශපාලන කණ්ඩායමක් විධායක ජනාධිපති ක්‍රමය, පාර්ලිමේන්තුවේ බහුතර බලය, පළාත් පාලන ආයතනවල බලය මෙන්ම ගමේ නගරයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන්ගේ ද බලය, රාජ්‍ය බලය උපයෝගී කර ගෙන බලහත්කාරයෙන් ලබා ගෙන සම්බුද්ධශාසනයේ මුරදේවතාවුන් වන මහා සංඝරත්නයට වනචාරීන් ලෙස ආමන්ත්‍රණය කරනවා. කිසිදු ගිහියෙකුට සිවිල් පුරවැසියන්ට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට අපහාස සිදු කළ නොහැකි යි; ඒ නිසි ගරුත්වය ලබා දිය යුතු යි. මේ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත දිවුරා මැති ඇමතිකම් ගත්තත් අද බුදුදහමට අපහාස කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා අපහාස කරනවා.

මාලිමාවට ඡන්දය දුන් ගොවියන් අනාත වෙලා

වත්මන් රජය වී කිලෝවට රු. 120ක් පොරොන්දු වුවත් දැන් වී අලෙවි වන්නේ රු. 60ට, 70ට සහ 80ට. රජ‌යේ වගකීම වන්නේ ගබඩා විවෘත කිරීම යි. මාධ්‍ය හරහා වී ගන්නවා කිව්වට ඒවා ප්‍රායෝගිකව සිදුවිය යුතු යි. රජය රු. 120ට වී ගන්නවා යැයි කියන්නේ 14%ට තෙතමනය සහිත වී වුවත් පසුගිය මැතිවරණ කාලයේ තණකොළ කන ගමන් වී කිලෝවක මිල රු. 150 කිරීම පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත් කරන බවට පැවසූ නිසා ගොවියත් මේ රජයට ඡන්දය දී අද වන විට අනාථ වෙලා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න