ආණ්ඩුව මල් පැළ කියලා ගෙන ආවේ ගංජ පැළ වවලා අහුවුණ අය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
ආණ්ඩුව, නීතිඥ ඝාතනය යට ගහන්න උත්සාහ කරනවා
''ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු එකහමාරකටත් වැඩියි නේ ද? ජනාධිපතිවරයා පත්වෙලා. තවමත් පහුගිය ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා පොලිසියත් මෙයාල ගේ, අධිකරණ අමාත්‍යවරයාත් මෙයාල ගේ, ආණ්ඩුවත් මෙයාල ගේ, තුනෙන් දෙකක් තියෙනවා කිව්වා. අද නඩුව කල් ගියා. ඉතින් පෙබරවාරි මාසෙ ම 19 වෙනිදට. අධිකරණ පද්ධතිය මේ රටේ පුරවැසියා අනාරක්ෂිතභාවයක් තිබෙනවා ඒ වගේම තමයි මේ වෙනකොටත් නීතිඥ ක්ෂේත්‍රයේ ඉන්න නීතිඥවරයෙක්ව සංවිධානාත්මක අපරාධ කරුවන් විසින් ඝාතනය කරලා තියෙනවා. ඉතින් සංවිධානාත්මක අපරාධකරුවෝ නීතිඥවරුන් ඝාතනය කරනවා නම් තවත් පැත්තකින් ආණ්ඩුව ඒක සමාජගත කරන්න හදනවා නම් ඒ සංවිධානාත්මක අපරාධකරුවන් ආශ්‍රය කරන කෙනෙක් විදියට නීතිඥවරයාව හංවඩු ගහන්න හදනවා. ඒකෙන් පැහැදිලිවම පේන්නේ යට ගහන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ ඒ සංවිධාන අපරාධ කරුවන්ට නිදැල්ලේ හැසිරෙන්නටත් ඒ සංවිධාන අපරාධකරුවන්ට විරුද්ධ පාර්ශ්වයන්වලට එරෙහිව ආණ්ඩුව කටයුතු කිරීමක් ක්‍රියාත්මක කරන බවක් අපට පෙන්න තියෙනවා. පහුගිය දිනක අධිකරණයෙන් එළියට එනකොට නීතිඥවරයෙක්ට පහර දෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍යවරු ගැනත් ජනතාව බලාගනියි කියලා කියනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ වෘත්තිකයන්ට තර්ජනාත්මකව කතා කරනවා. දැන් ඔය විදිහට තමයි අරගලේ වෙලාවේ තරුණයින් උසිගැන්නුවෙ. අවසානයේ උසිගන්නපු අය රජ වුණා.
අධිකරණයෙන් ඇඟ බැඳපු අයත් ආණ්ඩුවේ ඉන්නවා
තරුණයෝ දොළොස් දෙනෙක් පෝරකයට ගියා. දැන් මේ කරන්න හදන්නෙත් ඒ හා සමාන ක්‍රියාවලියක් බව පැහැදිලියි. ඉතින් මොකද රටේ ජනතාව ගේ ජීවන වියදම පාලනය කරගන්න බැරි වෙනකොට, රැකියාව උත්පාදනය කරගන්න බැරි වෙනකොට, ආයෝජකයෝ ගේන්න බැරි වෙනකොට, ආණ්ඩුව ජනතාව මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරනවා. ඒ සඳහා අපි පැහැදිලිවම දකිනවා අද සංවිධානාත්මක අපරාධකරුවන් පාවිච්චි කරලා මේ රටේ ජනතාව ගේ ජන ජීවිතය කඩාකප්පල් කරලා අඩාල කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව මල් පැළ කියලා අරන් ආපු අය ඇඟ බැඳපු අයත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ.
ආණ්ඩුව, ජේවීපි ආණ්ඩුව ගේනකම් බලන් හිටපු අය ගෙ කනට ගැහුවා
දැන් ඉතින් අනිත් පැත්තෙන් ගල් අඟුරු වංචාව දැක්කා පහුගිය ආණ්ඩුව කාලේ බාල ගල් අගුරු ගෙනල්ල ආණ්ඩුවට කෝටි ප්‍රකෝටි ගානක් පාඩු කරේ මේ ආණ්ඩුවෙන්. දැන් වරාය කන්ටේනර් 323 පැන්නුවේ ගිය ආණ්ඩුවෙන් ද? මේ ආණ්ඩුවේ කුඩු කන්ටේනර් දෙක. අර නුවරඑළිය අයිස් කර්මාන්තශාලාවක් තියෙනවා කියලා කිව්වේ. දැන් ඒ කුඩු කන්ටේනර් දෙක වරායෙන් එළියට දැම්මේ පහුගිය ආණ්ඩු වෙන් ද, අර කැබ් 1700 ගේන්නෙ පහුගිය ආණ්ඩුවෙන් ද, හෙලිකොප්ටර් දෙකකින් යන්නෑ බස් එකේ යන්නේ කියලා ආපු අය ඔක්කොම මේ ආණ්ඩුවේ අය. ඉතින් ඒ හින්දා තවදුරටත් මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුවලට ඇඟිල්ල දික් කරන කාරණය වලංගු වෙන්නේ නෑ. ඒක වලංගු නෑ. ඒක සාධාරණත් නැහැ.තමන්ට ඡන්දය දීපු අර අවුරුදු ගානක් ජේවීපි ආණ්ඩුව ගේනකම් බලන් හිටපු අයට කනට ගැහුවා වගේ වැඩක්. ඉතින් දැන් ඒක නිසා ඒ අයට කියන්නේ කරුණාකරලා ඔය විහිළුව නවත්වන්න. මේ ආණ්ඩුව පැහැදිලිවම සංවිධානාත්මක අපරාධකරුවන්.පෝෂණය කරනවා ඒ හින්දා තමයි අධිකරණය ඇතුලට ඇවිල්ලා වෙඩි තියන්න පුළුවන් වුනේ? ඒ හින්දා තමයි වරාය තිබිච්ච කුඩු කන්ටේනර් දෙක පන්නන්න පුළුවන් උනේ .කවුද ලියුම දුන්නේ කියලා කියන්නකෝ මේ කන්ටේනර් දෙකේ කුඩු නෑ. මේ කන්ටේනර් දෙක නිදහස් කරන්න කියලා ලියුම දීපු කෙනාට එළියට එන්න කියන්නකෝ ඇයි එන්නේ නැත්තේ ආණ්ඩුවෙන් කරපු නිසා. ඒ හින්දා ආණ්ඩුව තමන්ගේ වැරදි වහගන්න පහුගිය ආණ්ඩුවට බැන්නට වැඩක් වෙන්නේ නෑ. ඉතින් අපි ජනාධිපතිතුමාටත් කියන්නේ කරුණාකරලා දැන්වත් ඔය බොරුව නවත්තලා ආපු කාරණ ඉෂ්ඨ කරොත් හොඳයි.
රට පාලනය කරන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් ද...?
අමරකීර්ති අතු කෝරළ මන්ත්‍රීවරයා ගේ ජීවිතය නැතිවෙලා තියෙනවා. මහ දවල් අමු අමුවේ ඝාතනය කරලා තියෙනවා. අමානුෂික ලෙස ඝාතනය වෙච්ච කෙනාගේ පවුලේ අයට තමයි ඒ දුක දැනෙන්නේ; දරුවන්ට තමයි දුක තේරෙන්නේ; බිරිඳට තමයි දුක තේරෙන්නේ. ඉතින් ඒ හින්දා ඒකට අනුබල දීලා ඒකට උපදෙස් දීල ව්‍යවස්ථා වුණත් උල්ලංඝනය කරන්න අපි බලාගන්නම් කියලා. උසාවියෙන් එළියට එනකොට අප්පුඩි ගහල සමරපු අය දැන් තමන් ගේ වැරැද්ද වහගන්න තමන් ගේ වැරදි උපදෙස් මත වැරදි ක්‍රියාකලාපය මත තමයි මේ තරුණයින් දොළොස් දෙනෙක් පෝරකයට ගියේ. ඒ තරුණයින් දොළොස් දෙනා ම සම්පූර්ණයෙන් සාධාරණයි ද වැරදියිද කියන කාරණය නෙවෙයි; ඒ අයව මෙහෙයවූවා. මෙහෙයවපු අය රජ වෙලා අද වාහන අරගෙන පිටරටවල්වල ගිහිල්ලා, පිටරට ගෙවල් අරගෙන හොඳ ව්‍යාපාරිකයෝ වෙලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෝ වෙලා ඉන්නකොට ඒක පසුපස ගිය තරුණයින් දොළොස් දෙනෙක් පෝරකයට ගිහිල්ලා. දැන් ඒ දොළොස් දෙනාට සමාව දෙන්න කියලා අඬලා වැඩක් වෙන්නේ නෑ. උසිගන්වනකොට හිතන්න තිබුණා. මේ ආණ්ඩුවත් අද වෛද්‍යවරුන්ට එරෙහිව නීතිඥවරුන්ට විරුද්ධව අධිකරණ පද්ධතියට විරුද්ධව රාජ්‍ය නිලධාරීන්ටට විරුද්ධව තමන්ගේ පාක්ෂිකයින්ව උසි ගන්නකොට මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. මොකද දේශපාලන තීන්දු ජනතාව ගන්නේ මෙරට අනාගතය සහ දීර්ඝ කාලීන දැක්ම මත සහ වැඩපිළිවෙළක් එක්ක. ඉතින් ඒ හින්දා නොයෙක් කාලසීමාවල ජනතාව තීන්දු තීරණ ගන්නවා හැබැයි ඉතින් පැහැදිලිවම මේ සංවිධානාත්මක අපරාධකරුවන් අද රටේ මෙහෙය වෙන සහ හැසිරෙන ආකාරය බැලුවම ආණ්ඩුවේ පොලිසිය භාර ඇමතිවරයා ද මේ රට පාලනය කරන්නේ නැත්නම් මේ රටේ පොලිසිය සහ නීතිය සාමය ක්‍රියාත්මක කරන්නේ සංවිධානාත්මක අපරාධ කරුවන්ද යන ප්‍රශ්නය මිනිස්සුන්ට තියෙනවා.
බැරි නම් අයින් වෙලා යන්න
ඉතින් ඒ හින්දා මේක ලේසියෙන් ආණ්ඩුවට අත හෝදගන්න බෑ. මම නම් දකින්නේ එක්කෝ පොලිසිය බාර ඇමතිවරයා මේ පිළිබඳව රටට කියන්න ඕනේ. මේකෙ හැමෝම සංවිධානාත්මක අපරාධකරුවන්ට සම්බන්ධයි. ඒ හින්ද තමයි මේ සිද්ධිය වුණේ කියලා අත හෝද ගන්න බැහැ. එක්කෝ ඇමතිවරයාට වැඩේ කරන්න ඕනේ. කරන්න බැරි නම් අයින් වෙලා යන්න ඕන.''

