බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ගේ ජායාරූපයක් ද භාවිත කරමින් ව්‍යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp) අංකයක් හරහා දිත්වා සුළි කුණාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර සහ මුදල් එකතු කිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇත.
මේ පිළිබඳව පැමිණිල්ලක් ශ්‍රී ලංකා පොලීසිය වෙත යොමු කර ඇති අතර, දිට්වා සුළි කුණාටුව හෝ වෙනත් කිසිදු කරුණකට ආදළව කිසිදු ආධාරයක් හෝ මූල්‍යමය ඉල්ලීමක් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉල්ලා නොමැති බව අවධාරණය කරමින් මෙවන් කූට දුරකතන ඇමතුම් හෝ වෙනත් ප්‍රචාරවලට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යතුමා ගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්

