නිදහස් දා ආයුධ ප්‍රදර්ශනය නොකිරීමෙන් යුද ජයග්‍රහණය හෑල්ලුවට ලක් කළා - දුමින්ද දිසානායක

නිදහස් දා ආයුධ ප්‍රදර්ශනය නොකිරීමෙන් යුද ජයග්‍රහණය හෑල්ලුවට ලක් කළා - දුමින්ද දිසානායක

මෙවර නිදහස් දිනයේ දී ආයුධ ප්‍රදර්ශනය නොකිරීමෙන් රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් ලබාගත් යුද ජයග්‍රහණය සැහැල්ලු කළා යැයි දුමින්ද දිසානායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක...

ජනාධිපතිතුමා දුන්නෙ ඩයස්පෝරාවෙ පණිවිඩය

''ණය අරගෙන මේ රටෙ සියලු සංවර්ධන කටයුතු කරන්න පුළුවන්නං, ණය අරගෙන ගත්ත ආයුධ පෙන්නුවම මොකද වෙන්නෙ...? ඒක එයාලා කරේ අපි මහා ජිවිත පරිත්‍යාගයකින් ලබා ගත්ත යුද ජයග්‍රහණය හැල්ලු කරපු එක. හැම රටකම ඔය විදිහට තමා කරන්නෙ. වෙනදා පෙළපාලිය යද්දි ජනාධිපතිතුමා ළඟින් යනකොට ඒ ඒ සෙනාංක ඉතාම විශිෂ්ට ලෙස හඳුන්වා දුන්නා. නමුත් මෙ සැරෙ එවැනි හඳුන්වා දීමක් ඒ ඒ අනුඛණ්ඩවලට ලබා දුන් නෑ. දිට්වා සුළි කුණාටුවක් ගැන විතරයි කිව්වෙ. ඒ වෙලාවෙ යුද්ධ කාලෙ හිටපු යුද නායකයොත් ඊයෙ නිදහස් සැමරුමේ හිටිය. එයාල කොහොම මේකට මොනා කියනවද දන් නෑ. අනුර කුමාර ජනාධිපතිතුමා දෙමළ ඩයස්පොරාවෙ පණිවිඩය ද දැන් මේ රටට ලබාදෙන්නෙ කියලා හිතෙනවා. කාගෙ හෝ මතේට වැඩ කරන්නෙ කියලා අපිට පෙනවා. ජාතින් අතර අසමගියක් ඇති කරන දෙවල්වලට ඉඩ තියන්න එපා. ඒවා මේ ආණ්ඩුවට ඉදිරිපත් කරන්න එපා කියලා දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලනවා.

අධ්‍යාපන ලේකම් උද්ධච්චයි

ජනාධිපතිතුමා ම කියනවා 6 ශ්‍රේණිය ප්‍රතිසංස්කරණවල වැරදි තියෙනවා කියලා. ඒකනෙ එතුමා මේක කල් දැම්මෙ. ඉතින් ආණ්ඩුවට වැඩ කරන දෙමාපියන්ට කියන්නෙ ආණ්ඩුව වෙනුවෙන් මේ වගෙ වෙලාවක වැඩ කරන්න එපා. ඒවා ඡන්දයෙ දි කරන්න. ආච්චි/ සියා වරදපු කට්ටිය, පල්ලි කෝවිල් වරද්දපු කට්ටිය හොයන්න අධ්‍යාපන ලේකම් CID යන්න ඕන නෑ. මේ වැරදි කරපු අයව ගෙනල්ලා ලේකම්ට අහන්න පුළුවන්. අපිත් කියන්නෙ ප්‍රතිසංස්කරණ ඕන කියලා. අධ්‍යාපන ලේකම්ට ඔච්චර උද්ධච්ච වෙන්න එපා කියලා අපි කියනවා, මොකද රාජ්‍ය සේවකයෙක් කවදා හරි ඔබතුමා තනි වෙන්න පුළුවන්.

විගණකාධිපති පත්කරපු එක හොඳයි .ඒ වගෙ තැනක් හිස් කරලා තියන හොද නෑ.

නිදහස් දිනය දවසෙ කළු කොඩි උස්සපු කට්ටිය හොයලා නිතියානුකුලව දඩුවම් කළ යුතුයි. රජයට, ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව මේ වගෙ කටයුතු කරන්න බෑ .කව්ද කරේ කියලා හොයන්න බෑ.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න