අනාගතය උදෙසා නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කළ යුතු යි - හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

අනාගතය උදෙසා නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කළ යුතු යි - හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

අනාගතය උදෙසා අපි නිදහස් සහ බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය 03වන දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති“Smart UNP-2026” ආරම්භ කිරීමේ වැඩසටහනේ දී ය

සිරිකොත පක්ෂ මූලස්ථානයට Starlink සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම ද එම අවස්ථාවේ දී ම සිදු කෙරුණි.

හිටපු ජනාධිපතිවරයා වේදිකාවට පැමිණි පසු ආරක්ෂකයින් විසින් ඔහුට හිඳ ගැනීමට ආසනයක් ලබා දුන්නේ ය.

''මේ දවස්වල ඉතින් බංකුවල ඉඳගන්නවා තමයි කරන්නේ,'' යැයි හිටපු ජනාධිපතිවරයා සිනාසෙමින් පවසා සිය කතාව ආරම්භ කළේ ය.

රට හැදීමට වෙහෙස වූ නායකයින් අගය කළ යුතුයි

''අපේ නායක ඩී. එස්. සේනානායක මැතිතුමා නිදහස් ලංකාවක් බිහිකරලා 78වන සංවත්සරය සමරන අවස්ථාවයි මේ. මොකද එතුමා ගෙන් ගත්ත ප්‍රයෝජනය එදා සිට අද දක්වා වසර 78 ක් මේ රට හදන්න ගිය නායකයින් සියලු දෙනාම අපි අගය කරනවා. එතුමා ආරම්භ කළේ මධ්‍ය මහා විද්‍යාල 50 යි. අද තියෙනවා 1,400 කට වඩා. එදා විශ්වවිද්‍යාල එකයි. අද රජයේ විශ්ව විද්‍යාල 19 යි, රජයේ නොවන විශ්වවිද්‍යාල 27 යි. අද රෝහල් 550 කට වඩා තිබෙනවා. අපි සහල්වලින් ස්වයංපෝෂිතයි. අපි අලුත් යුගයක ඉන්නේ. අනාගතය උදෙසා අපි නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කළ යුතුයි. ඒකෙන් තමයි මේ රට දියුණු වුනේ. ඒ සඳහා හැම බලවේගයකට ම එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ඩිජිටල් යුගයට ඉපදුණු පරම්පරාව

මේ රටේ ආර්ථිකය 2022 කඩා වැටුණා. මම බාරගත්තා. රටේ ස්ථාවරභාවය ඇතිකලා. දැන් තියෙන්නේ ජෙන්සියටර් තිබෙන සමාජයයි. ඩිජිටල් සමාජයක්. අපි දුන්න ජංගම දුරකථනයෙන්, පරිඝණකයෙන් මේ හැම එකෙන් ම ඩිජිටල් යුගයකට ගිහින් තිබෙනවා. ජෙනිසියර් කියන්නේ ඩිජිටල් යුගයට ඉපදුණු පරම්පරාව. මේ පරම්පරාව සමඟ තමයි ඉදිරියට යන්න තියෙන්නේ.එක්සත් ජාතික පක්ෂය ඒකටයි ලෑස්ති වෙන්නේ. අද අපි ඉන්නේ ජේ.ආර්.ගේ කාලයේ නොවෙයි. අපි ඉන්නේ ට්‍රම්ප් ගේ ලෝකයේ කැමැති උනත්, නැති උනත් අපි ඒ යුගයට යා යුතුයි; ඒකට සුදුසු සමාජයක් ඇති කළ යුතු යි. අද අපි යන්නේ මවන ලද ලෝකයට; මවන ලද තාක්ෂණයට. ඒ දැනුම ලබා ගන්න ඕනේ. නැත්නම් අපිට ඉදිරියට ගන්න බෑ. ඒකටයි අපි ඩිජිටල් පක්ෂයක් ආරම්භ කළේ. පොලිටික්ස්වල නිව් වයිබ් එකට සෙට් වෙමු; ස්මාර්ට් යූ.එන්.පී.එකට එකතු වෙමු.''

smart unp

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න