තරුණ මාධ්‍යවෙිදීන් සඳහා වු " අන්තර් ජාතික AI තාක්ෂණ වැඩමුළුවක්

තරුණ මාධ්‍යවෙිදීන් සඳහා වු " අන්තර් ජාතික AI තාක්ෂණ වැඩමුළුවක්

තරුණ මාධ්‍යවෙිදීන් සඳහා වු " අන්තර් ජාතික AI තාක්ෂණ වැඩමුළුවක් පසුගියදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ඊට දෙස් විදෙස් මාධ්‍යවෙිදීහු 50ක් පමණ එක් වුහ. දේශීය මාධ්‍යවෙිදීන් 35ක් එක්ව සිටි අතර, ඔවුන් ගේ අදහස් ද මෙහිදී සැලකිල්ලට ගැනිණ.

වැඩමුළුව, අදියර පැවැත්වීමට සැලසුම් කර ඇත.

දිවයිනේ ප්‍රධාන රෑපවාහිනී නාලිකා, පුවත් පත්, සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිවල සේවයේ නියුතු වෘත්තීය ජනමාධ්‍යවේදීන් මීට තෝරා ගැනිණ. දැනටමත්, AI තාක්ෂණය තම රාජකාරිය සඳහා යොදා ගන්නා මාධ්‍යවෙිදීන්ට ප්‍රමුඛත්වය හිමිවිය. මීට අමතරව, නිරීක්ෂණ මටිටමින් කිහිප දෙනෙක් ද එක්වුහ.

මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ අමාඩෝ ඇන්ජලෝ සර්ඡ් රොඩිරිගුස් ලකුඊස්ටා ය. ඔහු පිලිපීනයේ ප්‍රවීණ මාධ්‍යවෙිදියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකු ද වේ. දෙස් විදෙස් අන්තර් ජාතික සම්මාන රැසක් හිමි කරගෙන ඇති හෙතෙම, මහා බ්‍රිතාන්‍යයේ පෙන් ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක සභිකයෙකු ලෙස ද කටයුතු කරයි. පිලිපීනයේ වැඩිම අලෙවියක් ඇති සඟරාවක් වන Esquire හි සංස්කාරකවරයා ද වන සර්ඡ්, බුද්ධිමය චාරිකා සඟරාවක් වන පැනරෝමා ( Panaroma ) හි නේවාසික සංස්කාරකවරයා ලෙස ද කටයුතු කරයි.

AI තාක්ෂණය මුලික අදියරේ දැනුම

වැඩමුළුවෙිදී, AI තාක්ෂණය ජනමාධ්‍යවේදය සඳහා ලඝු කොට එය ජනමාධ්‍ය කලාවට අනුගත කරගැනීමේ මුලික සිද්ධාන්ත සාකචිඡා කෙරිණි. තාක්ෂණික දෝෂ මගහරවා ගෙන ජන සංස්කෘතියට එහි ප්‍රතිඵල උදා කරගන්නා ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

AI තාක්ෂණයේ ඇති අවදානම් සහගත බව සහ වගකීමි විරහිත බව, මානව සම්බන්ධතා හැඩගැස්වීමේ දී AI තාක්ෂණයේ මුලෝපායික වැදගත්කම, AI තාක්ෂණයේ ආකෘතිගත ප්‍රභව සහ ව්‍යුහාත්මක වෙනස්කම්, ජීවන විලාසිතා ඔප් නැංවීමේ දී AI තාක්ෂණය බලපාන අයුරු, AI තාක්ෂණය මනෝ විද්‍යාත්මකව බලපාන අයුරු, දේශපාලනය සහ AI තාක්ෂණය හා තවත් කරැණු රැසක් පිළිබඳ මුලික අදියරේ දැනුම මෙහි දී ලබාදීමට පියවර ගැනිණ.

මෙම වැඩමුළුව සඳහා එක්වු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර ප්‍රකාශ කළේ , AI තාක්ෂණයේ ප්‍රතිඵල මෙරට තරැණ මාධ්‍යවෙිදීන් සඳහා ශාස්ත්‍රීය මටිටමින් ඉගැන්වීම වැඩමුළුවේ අරමුණ බවයි.

ඉන්දීය මාධ්‍යවේදී කණ්ඩායමක්

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ මහ ලේකම් නිශාන්ත අල්විස් කියා සිටියේ AI තාක්ෂණය වත්මනේ දී ජන සංස්කෘතිය හැඩගැස්වන ප්‍රමුඛතම මෙවලම වන බැවින්, එහි ව්‍යුහාත්මක පරිච ඉතා පරිස්සමෙන් කළ යුතු බවයි. මෙරට මාධ්‍ය කලාවට AI තාක්ෂණය යොදා ගන්නා ආකාරය තවමත් පවතින්නේ ප්‍රාථමික අවධියක බව කී ඔහු, සමාජ මාධ්‍ය ජාලා මෙය නිසි ලෙස හැසිරවිය යුතු බව ද අවධාරණය කෙළේය.

වැඩමුළුව සඳහා ඉන්දීය ප්‍රමුඛ පෙළෙහි මාධ්‍යවේදී කණ්ඩායමක් ද එක්ව සිටි අතර ඔවුන් නව දිල්ලිය , බැංගලෝරය, චෙන්නායි නුවර, අසාන්, කසරගෝඩා, මයිසුර් යන නගර නියෝජනය කෙළේ ය.

මාධ්‍යවෙිදීන් ගේ ගැටලුද සාකච්ඡාවට ගැනිණ. එහිදී AI තාක්ෂණයේ ගැටලු හඳුනා ගන්නා ආකාරය සහ ඒවාට විසඳුම් ලබාදීම සාකච්ඡාවට ගැනිණ.

වැඩමුළුව සංවිධාන කළේ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය , ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානය , මහා බ්‍රිතාන්‍යයේ පෙන් ඉන්ටර්නැෂනල් සංවිධානය, ඔ්ස්ට්‍රේලියාවෙි කැන්ගරැ පෝස්ට් ( kangaroo post ) පුවත් පත යන ආයතන එක්වයි.

වැඩමුළුව මෙහෙයවුයේ කැන්ගරැ පෝස්ටි පුවත් සංස්කාරක සහ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ අන්තර් ජාතික ලේකම් පැතුම් වික්‍රමරත්න යි.

මෙම වැඩමුළුව සඳහා: ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, මහ කොමසාරිස් නිරෝෂන් තඹවිට, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ සභාපති පැතුම් පැස්කුවල්, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයේ මහ ලේකම් නිශාන්ත අල්විස්, ලේක්හවුස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ සහකාර අධ්‍යක්ෂ කුමුදු වජිර යන අය ද එක්ව සිටියහ.ai 1

ai2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න