ගල්අඟුරු ටෙන්ඩරය ආරම්භ කරන මොහොතේ සිට ම ආණ්ඩු පාර්ශ්වය උත්සාහ කළේ ඩීල් එකක් දමාගැනීමට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...
දින 42 දින 21ට අඩු කළේ ඇයි...?
''සිස්ටම් චේන්ජ් කරන්න ආපු වර්තමාන ආණ්ඩුවට තමන් ගේ ආණ්ඩුව තුළ සිදුවෙන වංචා දූෂණ බේරා ගැනීමට සුදුහුණු ගෑම තමයි කරන්න සිදුවෙලා තියෙන්නේ. මේ දවස්වල ලංකා ගල් අඟුරු සමාගම ලංකාවට මේ අවුරුද්ද සඳහා ගෙන්වනු ලබන ගල් අඟුරුවල ප්‍රමිතියෙන් බාල වීම පිළිබඳව අපි පාර්ලිමේන්තුවේදීත්, ඒ වගේම එළියේදීත් මේ පිළිබඳව එළිදරව් කළා. විශේෂයෙන්ම මේ ගල් අඟුරු ගෙන්වීම ටෙන්ඩර් පටිපාටිය ආරම්භ කරන මොහොතේ සිටම කරන්නෙ, ඩීල් එකක් දමා ගැනීම සඳහා ක්‍රමවේදය මාරු කිරීම. ආරම්භයේ සිට ම හොරකම ඉලක්ක කරලා, වංචාව ඉලක්ක කරලා තමයි මේ වැඩේ කරන්නෙ. සාමාන්‍යයෙන් ගල් අඟුරු ගෙන්වන්න ටෙන්ඩර් එක දාන්න දවස් හතළිස් දෙකක් දෙන්න ඕන, ඒක මේ පාර දින විසි එකකට අඩුකරලා තමයි මේ පාර පටන් ගන්නේ. දින විසිඑකට අඩු කළහම මොකක්ද වෙන්නේ? ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා දායක වෙන්න විශාල සමාගම්වලට තියෙන හැකියාව නැතිවෙනවා. ඒ වගේම තමයි මේකේ ඉස්සර තිබුණේ මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් පසුගිය අවුරුදු තුන තුළ සප්ලයි කරපු කෙනෙක් වෙන්න ඕන. ඒකෙන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් කිලෝ කැලරි 5900 ට හෝ ඊට වඩා වැඩියෙන් සප්ලයි කරපු කෙනෙක් වෙන්න ඕන. එම සමාගම පසුගිය අවුරුදු තුන තුළ ඩොලර් මිලියන 150ක revenue එකක් කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ මූලික සුදුසුකම් ටික , application එක දාන්න මූලික සුදුසුකම් ටික ඒ කියන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ පහක ගනුදෙනු කරලා තියෙන්න ඕන එක පසුගිය අවුරුදු තුන ඇතුළත , ඒක අඩු කරනවා කුඩා සමාගම්වලට, ඊට වඩා කොලිටි නැති සමාගම්වලට මේ වගේ විශාල ටෙන්ඩරයකට මුහුණ දෙන්න බැරි, දරාගන්න බැරි සමාගම්වලට එන්න. ඒවගේම ඩොලර් මිලියන 150ක revenue එක හොයලා බලන් නැතුව තමයි මේ කටයුතු ආරම්භ කළේ.
පෙර සැපයුම් ටොන් ලක්ෂ පහේ සුදුසුකම ලක්ෂයකට අඩු කළේ ඇයි...?
ඒ අනුව දින 42, විසි එකකට අඩු කරලා දූෂණයට පාර කපනවා. මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් සප්ලයි කරලා තියෙන්න ඕන කියන කොන්දේසිය ලක්ෂයට අඩු කරලා දූෂණයට පාර කපනවා. එහෙම කරලා තමයි මේක ආරම්භ කරන්නේ. එතකොට මේක විහිළුවක් නෙමෙයි... මොකද... ලක්විජය බලාගාරය මෙගාවොට් තුන්සීයකට රන් කරන්න ඕන අපේ රටේ විදුලි අවශ්‍යතාවය සපුරන්න නම්. අනිත් පැත්තෙන් අවුරුද්ද පුරා ම ගල් අඟුරු ගෙන්වන්න බෑ. ඒ නිසා මාස හයක් ඇතුළත මුළු අවුරුද්දට ම ගැළපෙන ගල් අඟුරු ප්‍රමාණය ගේන්න ඕන. එතකොට දැන් මේකෙ තියෙන ක්‍රියාවලිය departure report එක, එන්න ඕන වරායේ ඉඳලා නැව ලංකාවට එන්න කලින්. නමුත් මේ නැව දෙසැම්බර් මාසේ පළවෙනි නැව තිස් වැනිදා කොළඹ වරායට සේන්දු වෙනකොටත් ඒ රිපෝට් එක ඇවිල්ලා තිබ්බේ නැහැ. අපි දන්නෑ ඊට පස්සේ අතින් ගෙනල්ලා දුන්න ද, ඊමේල් කෙරුවද කියලා. හරි නම් එන්න ඕනේ ඊමේල් එකෙන්. ඊළඟට ඇවිල්ලා ඒ නැව බාන කොට යම් හේතුවක් මත, මං දන්නෑ මොකක්ද හේතුව කියලා, බොයිලේරුවලට මේක දානවා. එතකොට සැබෑ තත්ත්ව වාර්තාව එනකොට, අපි පැහැදිලිව කිව්වා 5900ක් කිලෝ කැලරි මේකේ නැහැ කියලා. ඇමතිවරයා ඇවිල්ලා විවිධ කතා එයා මේක දැකලත් නැතුව, බලලත් නැතුව, නිසි රිපෝට් එකකුත් නැතුව, නෑ නෑ මේක හොඳයි කියලා කිව්වා. නමුත් ඒක ඉන්දියාවට යවපු රිපෝර්ට් එකේ දැන් පන්දාස් පන්සීය විසි ගානක් තමයි කියලා පිළිගන්න වෙනවා.
ඇමතිවරයා, බාල ගල් අඟුරු මාෆියාව වෙනුවෙන් පෙනී සිටිනවා
හොඳම වැඩේ කියන්නෙ දෙවෙනි නැවත් බෑවායින් පස්සේ, මේ චෝදනාව අපි එල්ල කරනකොට විදුලි බල අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කරනවා , එහෙම ප්‍රශ්නයක් තියෙනවානම් අපි දඩ ගහනවා කියලා. එතකොට ඒ තුළින් පැන නගින ගැටලු කීපයක් තියෙනවා.
අංක 01: බාල කොලිටි එකට ගෙනාව එකට තක්සේරුව බලන්න ඕන පාඩුව කොච්චරක් තියෙනවද කියලා.
අංක 02 : මේ බාල ගල් අඟුරු බොයිලේරුවට දැම්මම මේ උපාංගවලට මැෂින්වලට සිද්ධවෙන හානිය කොපමණක් ද කියලා ගණනය කරා ද කියලා අපි අහන්න කැමතියි.
ඊළඟට බාල කොලිටියේ ගල් අඟුරුවලින් විදුලිය උත්පාදනය කළහම මෙගා වොට් 300 ට අඩුවෙන් එන ප්‍රමාණය මිලදී ගන්නේ ඩීසල් මාෆියාවෙන් ද? ඒකට වැඩිපුර යන ගාණ කීයද කියලා මේ ඇමතිවරයා සහ අමාත්‍යාංශය ගණන් හදලා බැලුවද කියන එක අපි අහන්න කැමතියි.
ඒ වගේම මේ කොන්දේසිවල එකක් තියෙනවා මේවායින් පිට කරන අළු ප්‍රමාණය, එතකොට මේ පිට කරන අළු ප්‍රමාණය ගණනය කරල තියෙනවද? ඒකෙන් පරිසරයට වෙන හානිය ගණනය කරලා තියෙනවද? මේ එකක්වත් කරන් නැතුව, මේ ඇමතිවරයා මේ බාල ගල් අඟුරු මාෆියාව වෙනුවෙන් පෙනී සිටිමින්, මෙයින් සිදුවන නාස්තිය රටට වසන් කරමින්, මෙයින් සිදුවන පාඩුව රටට වසන් කරමින්, මේකෙ සිදුවන දූෂණය රකින්න කටයුතු කරනවා, system change කරනවා කියලා ආපු, රුපියලක් වත් හොරකම් කරන්නෑ කියලා ආපු ආණ්ඩුව.
දඩ අය කිරීම ද සැක සහිත ය
ඒ විතරක් නෙවෙයි මෙයා දැන් කොහොමද කියන්නේ දඩ ගහනවා කියලා. දඩ ගහනවා කියලා කියන්න බැහැ. මොකද ගිවිසුමේ 3:11 වගන්තිය අනුව, termination කියන එකේ දෙවෙනි paragraph එකේ තියෙනවා In the event any two different shipment of coal quality parameters are reported outside the absolute minimum maximum tolerance limit after testing of coal samples at load port and jetty of the plant is indicated in clause 05.2 of the schedule.
එතකොට එයා කියනවා එක ළඟ නැව් දෙකක් අහෝසි වුනත් එහෙම කරන්න ඕන නැහැලු. එක ළඟ නැව් දෙකක් නෙමෙයි නැව් විසි පහෙන් මොන නැව් දෙක හරි reject නම්, මේ ගිවිසුම අවලංගු කරන්න ඕන ගිවිසුමේ වගන්ති ප්‍රකාරව. නමුත් ඇමතිවරයා හදිස්සි වෙලා, දඩ ගහනවා කියලා යෝජනාවක් ගේනවා. අපි දැක්කා ඊයේ ඔවුන් ගේ මාධ්‍ය සාකච්ඡාවේ දී පළවෙනි නැව වෙනුවෙන් ඩොලර් මිලියන 2.1 ක් දඩ ගැහුවලු. ඒ දඩ ගැහීම ගණනය කළේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ කරපු විදිය මොකක්ද කියලා කියන්නේ නැහැ. දඩය ගෙවද්දී ඒ බාල ගල් අඟුරුවල දඩය විතර ද? මේ නිසා අතිරේකව මිලදී ගැනීමට සිදුවූ ඩීසල් මාෆියාවෙන් මිලදීගන්නා විදුලි ඒකකයකට මිල මේක ඇතුළට දාලා තියෙනවද? මැෂින්වලට වෙලා තියෙන හානිය මේක ඇතුළට දාලා තියෙනවද? කියලා ඇමතිතුමා කියන්නේ නැහැ.
තුන්වෙනි නැව වෙනුවෙන් කළ කපටිකම
මේකේ හොඳම වැඩේ තමයි දැන් තුන්වෙනි නැවත් ආවා ගිය සතියේ. තුන්වෙනි නැව භාගෙට බාද්දී, ඒකෙ ක්‍රේන් එක කැඩුණා කියලා බාන එක නවත්තනවා. අපි දන්නෑ ඇත්තට ම ක්‍රේන් එක කැඩුණ ද කියල. නමුත් අපිට තියෙන වාර්තා අනුව තුන්වෙනි නැවේ ගල්අඟුරුත් අඩු කොලිටි. පළවෙනි නැවටත් වඩා බාලයි. එතකොට ඒක වහගන්න, මොකද හේතුව, තුන්වෙනි නැව නියමිත වෙලාවට බාලා ඉක්මනට රිපෝට් එක ආවොත්, නැව් දෙකක් reject වීම නිසා මේ ටෙන්ඩරය අහෝසි කරන්න වෙනවා. ඒ නිසා තුන්වෙනි නැව බාන එක පරක්කු වෙනවා. ඒ අතර දඩය ඉක්මනට ගහලා ඉවර වෙනවා. එතකොට තුන්වෙනි නැව ෆේල් නම්, ඒගොල්ලන්ට කියන්න හැකියාවක් ලැබෙනවා පළවෙනි නැවට අපි ඕල් රෙඩි දඩය ගහලා ඉවරයි කියලා. එතකොට තව නැවක් reject වෙනකම් ඉන්න ඕන. කාවද මේ රකින්න හදන්නේ?
මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට වඩා පාඩුවක්
කාටද මේවායින් කුට්ටි යන්නේ? කවුද මේවට වග කියන්නේ? මේකේ තියෙන භයානකම තත්ත්වය තමයි මේ විදියට බාල නැව් දිගින් දිගටම ආවොත්, අනිවාර්යෙන්ම මාර්තු මාසෙන් පස්සේ, විදුලි කප්පාදුවකට යන්න සිද්ධ වෙනවා. ඇයි මං මාර්තු මාසෙ කියලා කියන්නේ? මොකද හේතුව, කලින් ටෙන්ඩර් එකේ ආපුවා කිලෝ කැලරි 5900 ට වැඩිපුර ඒවා තියෙනවා පෙබරවාරි මාසය ඉවර වෙනකන්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ එන බාල ගල් අඟුරු ටික දැම්මහම විදුලි අවශ්‍යතාවය සපුර ගන්න බැරි උනහම , ඩීසල් මාෆියාවෙන් ගන්නත් සිද්ධ වෙනවා, විදුලි කප්පාදුවකට යන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. ඒ නිසා හොරු රකිමින් දූෂිතයන් රකිමින් , system change කියලා ආපු අය ප්‍රසිද්ධියේ හොරකම් කරනවා. වෙන ආණ්ඩුවල අය හොරකම් කළේ හොරාට. මේක මහ දවාලේ මංකොල්ල කෑමක්. මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට වඩා පාඩුයි මේ විදිහට මේගොල්ලෝ බාල ගල් අඟුරු ගේන්න ඉඩ දුන්නොත්.
spot tender එකකට යන්නේ තවත් මංකොල්ලයකට
අපිට ආරංචි වෙනවා ඒ අතර වාරයේ spot tender එකකටත් ලෑස්ති වෙනවලු. Spot tender එකකට ගියාම මොකක්ද වෙන්නේ? වැඩි මිලට ගල් අඟුරු මිලදී ගන්න වෙනවා. දැන් ඒකට විරුද්ධ උනොත් කියාවි ඔන්න රටේ කරන්ට් කපන්න තමයි මේගොල්ලෝ කල්පනා කරන්නේ, වැඩි මිලට හරි ගල් අඟුරු මිලදීගෙන, කරන්ට් කපන්නේ නැතුව යන්න ඕන කියලා තර්කයක් ගෙනේවි. අපි කියනවා ඇමතිතුමෝ හොරු නෙමෙයි නම්, හොරකම් කරලා නැත්නම්, දැන් ටෙන්ඩර් එක අහෝසි කරන්න පුළුවන්. දැන් ටෙන්ඩර් එක අහෝසි කරලා කොලිටි බඩු, spot tender එක නැතුව, මේකේ ඉන්න ගැනුම්කරුවන් හරහා හෝ වෙනත් ගැනුම්කරුවන් හරහා ගේන්න අවස්ථාව තියෙද්දි, spot tender එකකට යන්නේ තවත් මංකොල්ලයකට කියන එක අපි කියන්න කැමතියි.
ඔන්න රුපියලක් වත් හොරකම් කරන්නෑ කියපු ආණ්ඩුවේ කෙරුවාව. ඒ නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, ඔබේ වදන්වලින් ඔබේ කටින් තමයි කිවුවේ, රුපියලක්වත් හොරකම් කරන්නෙ නෑ කියලා.
ඔබේ අවධානය පිණිසයි කියලා දාන නාලිකාවලටත් එක්ක කියන්නේ, මේක ඔබේ අවධානය පිණිසයි නාලිකාවට සහ අනුර කුමාර ජනාධිපතිතුමා ගේ අවධානය පිණිසයි.

